ඉන්දියාවේ එල්විස් ප්‍රෙස්ලි මිය යයි.

හර්ෂි සි. පෙරේරා
ප්‍රවීන බොලිවුඩ් නළු ශම්මි කපුර් මුම්බායිහිදී මියගියේය. මියයනවිට ඔහුට වයස අවුරුදු 79 ක් විය. ටික කාලයක සිට ඔහු වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළුණු අතර ගිය සතියේ රෝහල් ගත කෙරිණි.

ඔහු චිත්‍රපට සාදන්නන්ගේ සහ නළුවන්ගේ පවුලකින් පැවත එන අතර 50 දශකයේ සහ 60 දශකයේ ඉන්දියාවේ ප්‍රකට නළුවෙකු විය.

හෙතෙම චිත්‍රපට 100 කට වැඩි ප්‍රමාණයක රගපා තිබිණි. ඔහුව හදුන්වන්නේ ඉන්දියාවේ එල්විස් ප්‍රෙස්ලි යනුවෙනි.

ඔහු අන්තර්ජාලයට දැඩි කැමැත්තක් දැක්වූ අතර වෙබ් අඩවියකට පළමුව හිමිකම් කි ඉන්දියානුවන් අතර ඉදිරියෙන්ම සිටි.



Tell a Friend