හර්ෂි සි. පෙරේරා
චැනල් 04 නවතම වීඩියෝව යුද අපරාද සම්බන්දයෙන් ප්‍රදානවම චෝදනා එල්ල කලේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාටය. එක්සත් ජාතීන්ට ඔහු ඉවත් කරන්නයි ශ්‍රී ලංකාවට කීමට බලයක් ඇත්ද නැද්ද යන්න අපි නොදනිමු. මක්නිසාද අපි එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රනය අද්‍යනය කර නොමැති බැවිනි. නමුත් මේවා එක්සත් ජාතින් සිදු කරන විලිලැජ්ජා නැති වැඩය. එක පැත්තකින් දරුස්මන් වාර්තාව ඔවුන්ගේම කමිටුවක් ඉදිරිපත් කල යුද අපරාද පිළිබද වාර්තාවකි. අනෙක් අතට චැනල් 04 වීඩියෝ වැල නොකැඩි ඉදිරියට එන සාක්ෂිය.
අපි එකක් දනිමු. එක්සත් ජාතීන්ට බිහිවූ දා පටන් නිශ්ශිත ප්‍රතිපත්තියක් නැතිනම් සෑම රජ්ජයකටම සමානව සැලකීමක් තිබුනේ නැත. අදටත් එය එසේමය. ලිබියාවට එක ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකාවට තව ප්‍රතිපත්තියකි. මේවා "දිෆරන්ට් අජේන්දාස් "වේ.
මේ වෙනස් ප්‍රතිපත්ති නිසා ටික දෙනෙකුගේ බඩගෝස්තරය රැක ගැනීමක් සිදුවන අතර පිඩාවට පත් අතිමහත් බහුතරයට වන සෙතක් නැත. ඒ එක්සත් ජාතීන්ගේ සුන්දර සුවිසල් ගොඩනැගිලි වැදගැම්මකට නැතිදේ ලෙස ජිනීවාහි යෙහින් වැජබේනු ඇත.
Post a Comment