කැෆේ(CaFFE) විදායක අද්යක්ෂකට එරෙහි මර්දනය.

හර්ෂි සි. පෙරේරා
නිදහස් සහ සාදාරන මැතිවරණයක් සදහා වූ වියාපාරයේ එනම් කැෆේ විදායක අද්යක්ෂක කිර්ති තෙන්නකෝන් මහතාගේ වුර්තිය නිදහස මර්දනය කිරීමට සැරසේ. එනම් කැලණිය විශ්වවිද්‍යාලය ඔහුට එරෙහිව අලුත් පරීක්ෂණයක් ඇරබීමට සුදානම් බව වාර්තා වේ. ඊට ආසන්නම හේතුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ අපචාර සහ රාජ්‍ය දේපල අයතා පරිහරණය ලොවට හෙළි කිරීමයි.

මේ රාජපක්ෂ රෙජීමයේ අලුත්ම මර්දන විලාසිතාවයි. නමුත් එහි වින්දිතයා බවට පත් පළමුවනියත් අවසනයාත් කිර්ති තෙන්නකෝන් මහතා නොවේ.

රටේ විශ්වවිද්‍යාල වල සිටින උගතුන් රටේ ප්‍රශ්න ගැන කතා කල යුතුයි. ඔවුන් නිහඩවිම ඉතා බයානකය. ඔවුන් කට අරින විට සිදු කරන මර්දනය ඒ රටට මරණය උදා කිරීමකි. රටක සංවර්දනයට උගතුන් පලදායි ලෙස දායක කර ගැනීමට නම් ඔවුන්ට නිදහස දිය යුතුය. යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමටද උගතුන්ට උපරිමයෙන් නිදහස ලබාදීම අවශ්‍ය වේ.

මේ මර්දනය හරහා සමස්ත සිවිල් සමාජයම බියවැද්දීම සහ උඹලා කොලොත් වෙන්නෙත් මේ දෙය බවට අනතුරුඅගැවිමක්ද කරයි.

මේ අවස්ථාවේ මර්දනය අත්අඩංගුවට ගැනීම, සිර කිරීම යන දෙයින් ඔබ්බට ගොස් ඇත. එනම් රැකියා අහිමි කිරීම තනතුරු අහිමි කිරීම දක්වා තත්වය නරුම වී ඇත. අවසන් වශයෙන් කිවහැක්කේ රටේ සිදුවන මර්දනය කාම්බෝජයේ පැවැති පොල්පොට් පාලනය සිහිකරන බවයි.


Tell a Friend