"මා හා නිවැසියන් පිඩාවට පත් කිරීම නතර කරන්න" - 17 හැවිරිදි ප්‍රියානි රම්‍යයා

හර්ෂි සි. පෙරේරා

ඉහත හිරිහැර නිසා 17 හැවිරිදි ප්රියනිට කළුතර නාගොඩ රෝහලේ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු විය. තෙබුවන පොලිසිය මේ සිදුවන අපරාදයේදී කටයුතු කරන්නේ අපරාදකරුවන්ට පක්ෂපාති වන අන්දමටයි.

පොත්පිටියගේ දොන් ප‍්‍රියානි රම්‍යා, අවු: 17යි, කජුගහඋඩුමුල්ල, රෙමුනගොඩ, ක`ඵතර දකුණ, පදිංචිකාරියකි. මේ ඇගේ අවනඩුවයි.

2011.08.07 දින මා - ජී. මල්ලිකා පද්මිනී යන අයගේ නිවසට යමින් සිටියදී, ධනවතී යන අය මට ”පොඞ්ඩක් හිටපන් ”කියා කෑගැසුවා. බියට පත් වූ මා එතැනම නතර වුනා. එවිට මා වෙත පැමිණි ධනවතී යන අය ”උඹ මහ ලොකු චන්ඩියෙක්ද, උඹ ලොකු වැඩ කරන්න යන්නේ ”කියා මගේ කම්මුල් දෙපැත්තට අතින් පහර දුන්නා. එසේම මාහට ඇය අසභ්‍ය වචනයෙන් බැණවැදුනා. එ් අවස්ථාවේ එතැනට පැමණි අජිත් නැමැති ඇගේ බෑනා (දුවගේ සැමියා)* මා ඇඳ සිටි හැට්ටයෙන් ඇද අරගත්තා. එ් අවස්ථාවේ මා ඇඳ සිටි හැට්ටය ඉරී ගියා. මා ඔහුගෙන් විමසා සිටියා ”මට ඇයි එහෙම කලේ ” කියා. ”මට ඕනා නම් උඹව මරනවා” කියා ඔහු මට තර්ජණය කලා. එ් අවස්ථාවේ ධනවතී නැමැති අය ”උඹ මගේ ළමයින්ව මිනී මරුවන් කරන්න එපා” කියා තර්ජණය කලා. පසුව ඇය අජිත් යන අයව රැගෙන එතැනින් පිට වුනා. එසේ පිටව යද්දීත් ඔවුන් මට නැවත පද්මිණී යන අයගේ නිවසට නොයන ලෙසට තර්ජණය කලා.

පසුව නැවතත් 2011.08.08 දින මා මාගේ මව සමග කඩයට යමින් සිටියදී, අජිත් හා ඔහුගේ බිරිඳ ඉරේෂා ලක්මාලි යන අය මා වෙත පැමිණි අතර, අජිත් යන අය මට අම්මා මතක් කර අසභ්‍ය වචනයෙන් බැණවැදී, මගේ බඩට පහරදීමට සූදානම් වුනා. මා මාගේ අතින් එය වැලැක්වූවා. එවිට අජිත් යන අය මාගේ කොන්ඩෙන් අල්ලා ඔලූව පහත්කර අතින් මගේ බෙල්ලට හා හිස පිටුපසට අමානුෂික ලෙස පහර දුන්නා. එ් අවස්ථාවේ මාගේ මව අජිත් යන අයව අල්ලා ඉවත් කල අතර, එවිට ඉරේෂා ලක්මාලි යන අය මාගේ කොන්ඩෙන් අල්ලා ඔලූව පහරත්කර ඔලූවට හා හිස පිටුපසට පහර දුන්නා. මාගේ මව ඉරේෂාව ඉවත් කරද්දී, නැවතත් අජිත් යන අය පෙර සේම මාගේ ඔලූවට පහරදුන් අතර, අජිත් යන අය ඔහුගේ පාදයෙන් මාගේ දකුණු පාදයට පහර දුන්නා. ඔවුන් මගේ මුහුණ ප‍්‍රදේශයට පහරදීම නිසා මගේ කටින් ද ලේ ආවා.

එලෙස ඔවුන් දෙදෙනා මට ඉතා අමානුෂික ලෙස පහර දුන්නා. එ් අවස්ථාවේ ධනවතී යන අයගේ පුතා වන චමින්ද යන අය පොල්ලක් රැගෙන විත් මා මරා දමන බවට තර්ජණය කර පහර දීමට සූදානම් වුනා. නමුත් මාගේ මව මා ඇදගෙන එතැනින් ඉවත්වූ නිසා ඔහුට පහරදීමට නොහැකිවුනා. මාගේ මව පොලිසි යන බව එ් අවස්තාවේ පවසා සිටියා. එවිට චමින්ද හා අජිත් යන අය ”පොලිසියට ගිහින් .... දීපන්, පොලිස් කාරයින් එක්ක බුදියගනින් ” කියා කෑ ගසමින්, මට ”හූ” කියමින් අපහාස කලා. මාගේ මව මා රැගෙන නිවසට ගියා.

ඉහත හිරිහැර නිසා 17 හැවිරිදි ප්රියනිට කළුතර නාගොඩ රෝහලේ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු විය. තෙබුවන පොලිසිය මේ සිදුවන අපරාදයේදී කටයුතු කරන්නේ අපරාදකරුවන්ට පක්ෂපාති වන අන්දමටයි.

ඇය තමාට සහ තම නිවැසියන්ට ආරක්ෂාව සලසන ලෙසත් නිතිවිරෝදිව කටයුතු කරන තෙබුවන පොලිසියේ නිලදාරින්ට විරුද්දව නිතියානුකුල විනයානුකුල පියවර ගන්නා ලෙසත් බලදාරින්ගෙන් ඉල්ලා සිටි.




Tell a Friend