මැදපෙරදිග අවුලෙන් ලංකාවේ තේ අපනයනයට බලපෑම්



ලංකාවේ මුළු තේ නිෂ්පාදිතයෙන් 78% ක් එනම් තේ කිලෝ ග්‍රෑම් මිලියන් 300 ක් මැදපෙරදිග රටවල් වන ඉරාකය, ඉරානය, සිරියාව සහ ලිබියාව වෙත යැවෙන නමුත් එම රටවල වර්තමානයේදී පවතින කැරලි හේතුවෙන් ලංකාවෙන් සිදුකරන තේ අපනයන සීග්‍ර ලෙස අඩු වී ඇත. ඒ නිසා ගෙවී ගිය මාස 06 තුළදී ලංකාවෙන් එම රටවලට අලෙවි කිරීමට හැකි වී ඇත්තේ තේ කිලෝ ග්‍රෑම් මිලියන් 55 ක් හෙවත් සාමාන්‍ය අපනයන ප්‍රමාණයෙන් 30 % ක් පමණක් බව වාර්තා වේ.

කොළඹ ප්‍රකට තේ අපනයන සමාගමක අධ්‍යක්ෂක වරයෙකු වන මනික් ප්‍රනාන්දු සඳහන් කරන ආකාරයට, තේ රැගත් නෞකා සිරියානු සහ ලිබියානු වරායන් වලට ඇතුළු වීමට හැකියාවක් ලැබී නැත. එසේම ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරානයටද අදාළ නෞකා ඇතුළු කිරීම ප්‍රභල අභියෝගයක් වී ඇත.

එසේම ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂක වරයෙකු වන හසිත ද අල්විස් සඳහන් කළේ, පවතින තත්වය පසුගිය මාස 06 ඇතුලත ඉතාම නරක අතට හැරී ඇති බවයි. එහිදී ලංකාවෙන් හතර වැනියට වැඩිම තේ අපනයනය කරන රට වන සිරියාවේ දේශපාලන තත්වය හේතුවෙන් බිඳ වැටී ඇති අතර තේ කිලෝග්රෑම් මිලියන 10 ක් වන ලිබියාවේ තේ වෙළඳ පොළද වැසී ඇති බව හෙතම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tell a Friend