ඊයේ "අදර්මිෂ්ට" (UNJUST) තිරගත විය.

හර්ෂි සි. පෙරේරා

2011.06.12 වන දින නාමෙල් මාලිනි පුංචි තියටරයට එකතුවූ 60 කට අසන්න පිරිසක් උදේ 10 සිට 12 දක්වා ප්‍රථම වරට අදර්මිෂ්ට වාර්තා චිත්‍රපටිය නරබන ලදී. මෙය ජෝසපිනා බගස්ටන් විසින් අද්යක්ෂණය කල අතර එය වේ සයිඩ් නිෂ්පාදනයකි. හොන්කොන්හි ආසියානු මානව හිමිකම් කොමිසම සහ ජනසංසදය එක්ව සිංහල උපසිරසි සහිතව මේය ඊයේ ලංකාවේ ප්‍රදර්ශනය කෙරිණි.

මෙය වැන්දබුවන් තිදෙනෙකුගේ යුක්තිය පිළිබද නොනවතින අරගලය තේමාව කරගෙන නිර්මාණය වී ඇත. ඒ රටවල් තුනක වන්දබුවන් එනම් ඉන්දුනීසියාවේ සුසිවටි තායිලන්තයේ අන්ගකනා සහ ශ්‍රී ලංකාවේ පද්ම විජේසුරිය යන සහෝදරියන් මුලික කරගෙනය.

ශ්‍රී ලංකාවේ මෙම අදර්මිෂ්ට නිතිය නොමැතික හදුන්වා දෙනු ලැබුවේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව ගෙන එම මගිනි. ඉන්පසුව එය මේ දක්වාම පෝෂණය කරනු ලැබිණි. අද මේ අදර්මිෂ්ටකම එම විවස්ථාවට හදුන්වාදුන් 18 වන සහ 19 වන විවස්ථා සංශෝදන මගින් උච්චස්ථානයට පත් කර තිබේ. මේවාට 1978 න් පසු බලයට පැමිණි සියලුම දේශපාලන පක්ෂ සහ ඒවාට ගැතිකම් කල සියලු දෙනා කොළ නිල් සහ රතු යන පාට බේදයකින් තොරව වග විය යුතුය.

ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් පළමුව වදහිංසා පමුණුවා පොලිසිය විසින්ම මරාදැමු ජෙරල්ඩ් පෙරේරාගේ බිරිද පත්මා විජේසුරිය සහ පවුලේ උදවිය මේ අවස්ථාවට සහබාගි විය. ඇයට ජනසංසදය විසින් මෙම චිත්‍රපටියේ පිටපතක් පිරිනැමීමද මේ අවස්ථවේ විශේෂ සිදුවීමක් වුනි.

චිත්‍රපටය අවසානයේ පැමිණ සිටි පිරිස කෙටි සංවාදයකටද සහබාගි විය. එහිදී පලවූ අදහස් අතර මේ පිළිබද පුළුල් සංවාදයක් ඇති කිරීම, විශේෂයෙන් පාසල් වල උසස් පෙළ සිසුන්ට මේ චිත්‍රපටය නැරබීමට අවස්ථාව සලසා දීම සහ මෙය දෙමල බසින් උපසිරසි සහිතව පෙන්වීම වේ.



Tell a Friend