වෙළදාමේ සිට ක්‍රිකට් දක්වා යන මිලිටරිකරණය

හර්ෂි සි. පෙරේරා

"ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම වෙනුවෙන් අනුග‍්‍රාහකයෙකු සොයා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ගත් උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසුව කණ්ඩායමේ සාමාජිකාවන් වැඩි දෙනෙකු ආරක්‍ෂක හමුදාවන්හි සේවයට බඳවාගෙන තිබෙන බව බීබීසී සංදේශය පවසයි." 

වෙළදාමෙන් ආරම්බ වූ සිවිල් සමාජයට හමුදාව රිංගා ගැනීම මේවනවිට සංචාරක කර්මාන්තයේ සිට ක්‍රිකට් ක්‍රීඩාව දක්වා වියාප්තව ඇත. මෙය බයානක ප්‍රවණතාවයකි.

මේ තත්වය දුරදිග ගියහොත් සරලව ශ්‍රී ලාංකීය පුරවැසියකු හැටියට මා සම්බන්දයෙන් එක් දෙයක් වෙයි. මේ ලියනවා වගේ ලියන්නට සිතන්නට සහ කියන්නට යාම නවතිනු ඇත. ඒ සදහා ගන්නා වූ කිසියම් හෝ ප්‍රයත්නයක් පොඉන්ට් බ්ලෑන්ක් රේන්ජ් තුලින් මා මිහිදන් කරනු ඇත.

Tell a Friend