සිරගතව සිටියදී උපවාසයක නිරතවූ ඉරාන ක්රියදරයා මරණයට පත් වෙයි.

ආහාර නොගෙන උපවාසයක නිරත වූ සිරගතව සිටි ඉරාන මද්යවෙදියා සහ ක්රියදරයා හර්දයබදයකින් මරණයට පත් වේ.
50 හැවිරිදි වියේ පසුවන සබර් මහතා ජුනි 02 වැනිදා මේ උපවාසය ආරම්බ කරන ලදී. ඒ සහයක විරුද්ද පක්ෂ ක්‍රියාකාරිනියක වූ හලේ ශබි සිය පියාගේ අවමගුල් උළෙලේදී ඇතිවූ සිද්දියක් සම්බන්දයෙන් මියයාම පිළිබද කරුණ මුල් කරගෙනය.

සබර් මහතා 2009 දී මොහොමඩ් අහමදිජන් නැවත බලයට පත්වූ චන්දයෙන් පසුව ඇතිවූ සිද්දියක් සම්බන්දයෙන් සිරගත කරනු ලැබිණි.

වර්ෂ 2000 සිට හෙතෙම කිහිපවරක් සිරගත විය.

වයස අවුරුදු 55 ක් වන හලේ ශබි ජුනි 01 වැනිදා මරණයට පත්වුයේ ඇගේ පියාගේ අවමගුල් උත්සවයේදී ආරක්ෂක අන්ස සමග ඇතිවූ ගැටුමකදී ආරක්ෂක අන්ස විසින් පහරදීම නිසා බව පැවසේ. ඇයට සිරගෙදරින් පිටතට ගොස් අවමගුල් කටයුතු වලට සහබගිවිමට අවසර දෙන ලදී.

ඉරාන බලදාරින් අවමගුල් උත්සවයේදී මෙවැනි ගැටුමක් ඇතිවූ බව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරති.

බි. බි. සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා


Tell a Friend