පිළිවෙතින් පෙලගැසෙමු. යකඩ ඇන පොවයි.

හර්ෂි සි. පෙරේරා
හයමසකට පෙර ලෙබනනයේ රැකියාවකට ගිය තම බිරියට ඇය සේවය කරන නිවසේ කාන්තාව විසින් යකඩ ඇණ පොවා ඇතැයි ඇයගේ සැමියා වන ජී.එල් නිශාන්ත මහතා කියයි.

ඇය මේවන විට ලෙබනනයේ රෝහලක ප‍්‍රතිකාර ලබන බවද ඔහු කීය. ඉන්දිකා මල්කාන්ති නැමැති කාන්තාවක් මෙම සිද්ධියට මුහුණදී සිටී. බිරියගේ යෙහෙළියන් මාර්ගයෙන් අදාළ සිද්ධිය සම්බන්ධ තොරතුරු හෙළිකරගත් බවත් නිශාන්ත මහතා පැවසීය.

ඇය සිය යෙහෙළියන්ට මේ සිද්ධිය සම්බන්ධයෙන් දුරකතනයෙන් දැනුම් දී ඇතැයි පැවසේ. ඉන්දිකා සිය යෙහෙළියන් සමඟ පවසා ඇත්තේ සැලඞ් වැනි යමක් සමඟ බලහත්කාරයෙන් ඇණ ගිලින්නට සැලසූ බවය.


ඉන්දිකා හා නිශාන්තට දාව අවුරුදු තුන හමාරක දියණික් සිටින බවද මේ අතරල වාර්තා වේ.

මේ පර දේශයක වහලියක් වූ පළමු සහ අවසාන එයිශ්චර්යේ දියණිය නොවේ. මෙවැනි සහ මීටත් වඩා බරපතල සිද්දි ගණනාවක් වාර්තා විය. නමුත් පිළිවෙතින් පෙළ ගැසී සිටින බලදාරින් මෙවන් කාන්තාවන් සම්බන්දයෙන් හොරට සිල් ගෙන ඇත.



Tell a Friend