ඉරාකයේ ශ්‍රී ලාංකිකයෝ ආහාර වර්ජනයක

හර්ෂි සි. පෙරේරා

මෙම වර්ජනයට හේතුවී ඇත්තේ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට කරන ලද වැඩට වැටුප් නොගේවිමයි. කෙසේනමුත් මේ අර්බුදය සම්බන්දයෙන් ශ්‍රී ලාංකීය මෙන්ම ඉරාක බලදාරීන් මුනිවත රකිති.

මෙම ආහාර වර්ජනය ජුනි 12 වැනිදා සිට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් තමන්ගේ වැටුප් අර්බුදය ඉල්ලීමට මැදිහත් වන්නැයි ඉරාක ආණ්ඩුවෙන් දැඩිව ඉල්ලා සිටිති. වාර්තා වන ආකාරයට ශ්‍රමිකයින්ට මාස ගණනාවක සිට සිය ශ්‍රමයට හිමි වැටුප ලැබී නැත.

විදේශගතවන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට සිදුවන බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් දිගින් දිගටම මාද්‍ය විසින් හෙළිදරවු කරන ලදී. නමුත් දිගින් දිගටම තත්වය උග්‍රවනු මිස විසදුමක් බලදාරීන් විසින් ලබාදෙන්නේ නැත.

වැටුප් නොගෙවා නොයෙක් කෘර වදහින්සාවට ලක් කරමින් මිනිසුන් කොටසක ගෙන් තවත් මිනිසුන් කොටසක් සුවාමින් ලෙස තමන් හදුන්වා දෙමින් වැඩ ගත්තේ වහල්බාවය ක්‍රියාත්මක වූ යුගයේදීය.

ශ්‍රී ලාංකීය සමාජය මේ ප්‍රවේශ වන්නේ ඒ වහල්බාවය කරාද? එතෙර යන ශ්‍රමිකයින් වහලුන්ගේ තත්වයට පත්ව ඇති කාලවකවානුවක ඒ ගැන අන්දයන් ලෙස කටයුතු කරන්නේ වහල් ගැති සමාජයකි.


Tell a Friend