රජුගේ පුතාට හිමි බලතල වැඩි කරයි: මහින්ද චින්තනයේ තවත් " මහා" සංග්‍රාමයක්

ස්වං ප්‍රකාශිත කිරුළු නොපලන් රජු නොහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රරත්නය වන නාමල් රාජපක්ෂ විසින් මෙහයවන තරුණයාට හෙටක් නමැති සංවිධානයට හිමි නීතිමය බලතල පුළුල් කිරීමට සැලසුම් කොට තිබේ. ඒ අනුව අදාළ සංවිධානය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා කෙටුම් පතක් ඔස්සේ රජයේ නීතිමය සංවිධානයක් ලෙස පිළිගැනෙන අතර ඊට ආරක්ෂාව නැතුව හෝ ඇතුව මුදල් ලබා ගැනීමට සහ අරමුදල් එක රස කිරීමට බලය ලැබේ. Tell a Friend