දෙවන යුදාධිකරණය මගින් තමාට පනවා ඇති මාස 30 ක සිරදඬුවමට එරෙහිව සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කළ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේ දී මේ බව අවධාරණය කෙරුණි.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බිම්බා තිලකරත්න මහත්මිය කියා සිටියේ දෙවන යුදාධිකරණය මගින් පනවා ඇති දඬුවම සඳහා සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව මෙම තීන්දුව නීතිය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නාය.
අදාළ දඬුවමට එරෙහිව සහනයක් අපේක්ෂා කරන්නේ නම් එම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතු යැයි සඳහන් කළ ඇය එම සහනය අධිකරණයෙන් අපේක්ෂා කළ නොහැකි බව අවධාරණය කර සිටියාය.
හර්ෂි සි. පෙරේරා
Post a Comment