මොසාඩ් ඔත්තුකරු ඇමෙරිකානු සිසුවෙක් - ඊශ්‍රායලය

ඊජිප්තුවේ සැකකටයුතු මොසාඩ් ඔත්තුකරුව රදවාගෙන සිටි. ඔහු ඇමෙරිකානු ඉස්රායල් දිවිත්ව පුරවැසිබාවය හිමි සිසුවෙක් බව ඉස්රායල් විදේශ ඇමති කියයි.
27 හැවිරිදි ඉලන් ග්රපල් ඉරිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු කයිරෝහි ඔහුගෙන් දිගටම ප්‍රශ්න කරයි. ඔහුට ඊජිප්තු විප්ලවය රජයට විරුද්ද කැරැල්ලක් බව පතුරුවහරිමින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කල බවට චෝදනා එල්ල වී ඇත.

ඔහුට කිසිදු බුද්දි අංශයක් සමග සම්බන්දයක් නැහැ. ඉස්රයලයේත් නැහැ. ඇමෙරිකාවෙත් නැහැ. අගහරුගේත් නැහැ යනුවෙන් අවිග්දෝර් ලිබෙර්මන් ඉස්රයෙල් ගුවන් විදුලියට ප්‍රකාශ කළේය.

මේක අත්වැරැද්දක් නැතිනම් ඉජිප්තුවන්ගේ විකාර හැසිරීමක් යනුවෙන් ඇමතිවරයා ප්‍රකාශ කළේය. ඔවුන්ට සියලු පැහැදිලි කිරීම් ලැබිලා ඉක්මනින්ම මේ කතාන්දරය අවසන් වෙයි යනුවෙන් ඔහු එයට එකතු කිරීමක්ද කළේය.

කයිරෝහි ඇමෙරිකානු තානාපති කාර්යාලය ග්රපෙල් මහතා හොද සවුක්යෙන් සිටින බව ප්‍රකාශ කරයි.

මෙම අත්අඩංගුවට ගැනීම නිසා ඊජිප්තුව සමග ඇති සබදතා නරක අතට හැරෙනු ඇති බවට ඊශ්‍රයලය බියට පතිවී ඇත්තේ මුබාරක් මහතාද බලයෙන් පහකර ඇති තත්වයක් තුලය.

හිටපු ජනාදිපති මුබාරක් ආරක්ෂක කටයුතු සම්බන්දයෙන් ඊශ්‍රයලය සමග යහපත් සබදතා පැවැත්විය. හෙතෙම අසල්වැසියන් දෙදෙනා අතර 1979 සාම ගිවිසුම ඇති කිරීමෙහිලාද කටයුතු කළේය.

බි. බි. සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend