ප්‍රසිද්ද නොවුවද 2014 න් පසුවත් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය තුල සිටීම පිණිස මසකට වැඩි කාලයක සිට දෙරට අතර සාකච්චා පැවැත්වේ.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය තමනට ඇෆ්ගනිස්ථානයේ දිගටම රැදී සිටීමේ අවශ්‍යතාවක් නැති බව පැවසුවද ඇගේ ප්‍රකාශය වෙනත් බොහෝ දේ කිරීමේ අවකාශය ලබාදෙන බව ඇමෙරිකානු බලදාරීන් පිළිගනිති.
නේටෝ නිලදරින්ට අන්ව බ්‍රිතාන්‍ය හමුදා 2014 න් පසුවත් සැහෙන කාලයක් ඇෆ්ගනිස්ථානයේ රැදී සිටිනු ඇත. නෙටෝහි ජේස්ට නිලදාරීන් ප්‍රකාශ කරන ආකාරයට ඇෆ්ගන්ස්ථානයේ කැරලිකාරිත්වය 2014 න් පසුවද අකණ්ඩව පවතිනු ඇත.
කෙසේනමුත් එක්සත් ජනපද ඇෆ්ගන් සාකච්චා පිළිබද පුවත කලාපයේ සහ ඉන් ඔබ්බට බලවතුන් අතර දැඩි අවදානයට හේතු වී තිබේ. ඒ අතර රුසියාව සහ චීනය ප්‍රදාන වේ. චීනය ඇෆ්ගනිස්ථානයේ ආර්ථික කරුණු හැර අන්දෙවලට සම්බන්ද නොවීම පිළිබද ප්‍රතිපත්තියක්ද ඇති කරගෙන ඇත. පකිස්ථාන බලදාරීන් ඇමෙරිකාව වෙනුවට චීනය උපායමාර්ගික සහයකු ලෙස යොදා ගන්නයි සිය ඇෆ්ගන් සහායකයින්ට මෑතකදී සිදුකල සංචාරයකදී ඒත්තු ගන්වා ඇත.
මේ අතර ජනාදිපති හමීඩ් කර්සායි සහ ජෙෂ්ට නිලදාරීන් ඇමෙරිකාවේ පෙනීසිටීම සහ පුළුල් උපායමාර්ගික සබදතාවක් අසල්වැසියන්ගෙන් ඇෆ්ගනිස්ථානය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය බව සිතති.
ගාඩියන් යු කේ ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Post a Comment