SPECIAL: ඇමෙරිකානුවන් තමන්ගේ පියාගේ බෙල්ල කැපුවා - බින් ලාඩන්ගේ 12 හැවිරිදි දියණිය



කිෂානි වැලිවිටිගොඩ විසිනි

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මහතා පන පිටින් අල්ලා ගත් බවත් ඉන් පසු හෙතමගේ ගෙල සිඳ කොට මරා දැමුණු බවත් බින ලාඩන් මහතාගේ දියණිය ප්‍රකාශ කොට ඇත. අරාබි රුපවාහිනී නාලිකාවක් වන අල් අරාභියා නාලිකාව වෙත අදහස් දැක්වූ පකිස්තානයේ ඉහළ පෙලේ ආරක්ෂක අංශ නිලධාරියෙකු බින් ලාඩන් මහතාගේ දියණිය උපුටා දක්වමින් කියා ඇත්තේ තමන්ගේ පිය පණ පිටින් අල්ලා ගෙන තමන් ඉදිරියේම ඝාතනය කල බවයි. ඉන් පසු ඔහුගේ මෘත දේහය ඇමෙරිකානු හෙලිකොප්ටර් යානයකට විසි කළ බව ඇය හෙළිදරව් කොට ඇත.

එසේම බින් ලාඩන් මහතා ඝාතනය කිරීමේදී කිසිඳු මට්ටම වෙඩි හුවමාරුවක් පවතී නැත. සිද්ධියේදී හානියට පත් වූ හෙලිකොප්ටර් යානයද එසේ සිදු වූයේ තාක්ෂණික දෝෂයක් නිසා බව ඇමෙරිකානු බලධාරීන් සඳහන් කොට ඇත.

එසේම මෙහෙයුමේදී බේරා ගත් බින් ලාඩන් මහතාගේ දරුවන් සය දෙනෙකු සහ එක බිරිඳක් රාවල්පිණ්ඩි රෝහලට ඇතුලත් කොට ඇත.

මේ අතර ඇමෙරිකාවේ ෆොක්ස් නාලිකාවට අනුව බින් ලාඩන් මහතා ඝාතනයට ලක් වන අවස්ථාවේදී ඔහුගේ ඇඳුමේ සැලකිය යුතු මට්ටමේ මුදල් ප්‍රමාණයක් තිබී ඇත. ඒ නිසා ඔහු එල්ල වීමට නියමිත ප්‍රහාරය ගැන දැනගෙන තම ස්ථානය මාරු කිරීමට සැලසුම් කළේද යන්න ගැන සැක මතු වී තිබේ. කෙසේ වෙතත් ප්‍රහාරය සිදු වන අවස්ථාවේදී බින් ලාඩන් මහතා ඇමෙරිකානු හමුදාව විසින් අල්ලා ගත් අවස්ථාවේදී තමන් බින් ලාඩන් නොවන බව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කොට ඇත.

එසේම ඔහුගේ 27 හැවිරිදි බිරිඳ වන අමාල් අල් සදා ප්‍රහාරයේදී පාදයට එල්ල වූ වෙඩි පහර නිසා තුවාල ලැබුහ. ඇය පිළිබඳ තොරතුරු අද උදෑසන අපි වාර්තා කළෙමු.

කෙසේ වෙතත් ප්‍රහාරයේදී බින් ලාඩන් සතුව AK47 තුවක්කුවක් තිබුණු බවට ඇමෙරිකානු බලධාරීන් මුලදී සඳහන් කළද එය සම්පුර්ණ අසත්‍යකි . ධවල මන්දීරයේ මාධ්‍ය ප්‍රකාශක ජේ කෙනීට අනුව නිරායුධව සිටි බින් ලාඩන් මහතා ඇමෙරිකානු හමුදාව විසින් හිසට සහ පපු ප්‍රදේශයට වෙඩි තබා මරා දමනු ලැබීය.

මේ අතර පකිස්තානයේ බුද්ධි සේවය වන ISI හි නිලධාරීන් සඳහන් කරන අන්දමට මෙහෙයුම සිදු වන අවස්ථාවේදී අදාල ස්ථානයේ 17 දෙනෙකු හෝ 18 දෙනෙකු පමණ වාසය කොට ඇත. ඉන් එක අයෙකු තම පියා ඇමෙරිකානු හමුදාව විසින් මාර දමනු ආකාරය සියසින් දුටු බින් ලාඩන් මහතාගේ දියණිය වේ.

ප්‍රහාරයේදී තුවාල ලැබූ ඔහුගේ බිරිඳ අමාල්ව අවුරුදු 17 දී ඔහු විසින් විවාහ කරගෙන ඇත ඇෆ්ගනිස්තායේදීය. ඇය යේමනයේ උපත ලබා ඇති අතර ඇගේ පියා තම දියණිය බින් ලාඩන් සමඟ විවාහ වීම ගැන තමන්ගේ දැඩි කැමැත්ත පල කොට ඇත. කෙසේ වෙතත් ඇගේ ආරක්ෂාව වෙනුවෙන් බින් ලාඩන් ඇය යේමනය යැවුවද පසුව යලිත් ඇය ඔහු සමඟ විසීමට පැමිණ ඇත. අදාළ ප්‍රදේශයේ 2005 සිට තම පවුල අදාළ ස්ථානයේ රැඳී සිටි බව ඇය සඳහන් කොට ඇත.

මේ අතර බින් ලාඩන් මහතාගේ පුතා වන කලිද්ගේ මළ සිරුර ඇමෙරිකානුවන් විසින් රැගෙන ගොස් ඇති නමුත් ඊට සිදු වූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ වෙතත් අදාළ ස්ථානයේ තිබී සොයා ගන්නා ලද පරිඝනක උපාංග රැසක් සහ නොයෙකුත් ලිපි ලේඛන රැසක් ඇමෙරිකානු බලධාරීන් සතුව තිබේ. ඔවුන්ට අනුව ඒවායෙහි අල්කයිඩා සංවිධානයේ මෙහෙයිම් සහ නියෝජිතයින් පිළිබඳව තොරතුරු රැසක් ඇත. ඊට අන්තර් ජාල පහසුකම් හෝ දුරකථන පහසුකම් තිබුණිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Tell a Friend