මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන ඇමෙරිකානු හමුදාව විසින් ගහනය කරනු ලැබූ අල කයිඩා නායක ඔසාම බින් ලාඩන්ගේ මළ සිරුරේ සෙයාරූ ප්‍රසිද්ධ නොකිරීමට ජනාධිපති ඔබාමා තීරණය කොට ඇත. තමන්ගේ එම තීරණයට හේතු වී ඇත්තේ අදාළ සෙයාරූ ප්‍රසිද්ධ කරනු ලැබුව හොත් ලොව පුර මුස්ලිම් ප්‍රජාව අතර ගැටුම් ඇතිවීම වැඩි වනු ඇති බව තමන්ගේ අදහස බව ජනාධිපති ඔබාමා මීට සුළු වෙලාවකට පෙර සහභාගී වූ රුපවාහිනී වැඩසටහනකට ප්‍රකාශ කෙළේය.
කෙසේ වෙතත් බින් ලාඩන්ගේ මළ සිරුරේ සේයාරු ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය බව සී.අයි.ඒ. ප්‍රධානියා ප්‍රකාශ කොට පැය 24 ක් යාමටත් පෙර ජනාධිපති ඔබාමාගේ මෙම තීරණය වැදගත් එකකි. එසේම කිසිඳු ආයුධයක් නොමැතිව යුරෝ 500 ක පමණ වටිනා මුදලක් තබාගෙන සිටි බින් ලාඩන් ජීවග්‍රහණයෙන් අල්ලා නොගෙන මරා දැමීම ගැනද මේ වන විට අවධානයට ලක් වී ඇති ප්‍රධාන කාරණයකි.
මේ අතර බින් ලාඩන්ගේ මළ සිරුර බවට සක කෙරෙන බොහොමයක් ව්‍යාජ සෙයාරූ අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතී. මීට සුළු වෙලාවකට පෙර පළවුණා සේයාරුවක් මෙහි පල වන නමුත් එයද ව්‍යාජ එකකි.
- කිෂානි
Post a Comment