යුක්තියේ රස්තියාදුව!

හර්ෂි සි. පෙරේරා

අද 2011.05.04 වන දින මොරටුව මහේස්ත්‍රාත් අදිකරණයට ගියෙමි. වෙලාව සවස 2.30 යි. නඩු අංකය 51443 වේ. 

2011.03.29 ගොස් උක්ත නඩුවේ 2010.11.16 පසු ගොනු කරනු ලැබූ ලේකන වල චායා පිටපත් සහ 2010.08.24 සිට මේ දක්වා සියලුම කාර්ය සටහන් වල සහතික පිටපත් ලබා ගැනීමට මුදල් බැන්දෙමි. මිට පෙර දිනයක ගොස් අදාල මෝෂන් දැමුවෙමි.

මුදල් බාර ගැනීමේ කුවිතාන්සි පිළිවෙලින් අංක 958188 සහ 958187 වේ. වටිනාකම රුපියල් 32 ක් සහ රුපියල් 54 ක් වේ. මේවා ගැනීමට එන්න කිවේ 2011 අප්‍රියල් 12 වන දිනය. ප්‍රමාදය මොකදැයි ඇසුවිට කිවේ ඉවර වූ නඩුවක් බවයි.

අප්‍රියල් 12 ගිය විට කාර්ය සටහන් වල පිටපත් ලදිමි. චායා පිටපත් ගැන විමසු විට කිවේ එය බාර පුද්ගලයා නිවාඩු බවත් තවද චායා පිටපත් යන්ත්‍රය කැඩී ඇති බවත්ය. පසුව දුරකථන අංකය ලියා ගෙන ගෙදර පැමිණියෙමි. දවස් හතරක් කෝල් කල විට කිවේ පොටෝ කොපි යන්ත්‍රය තවම සාදා නොමැති බවයි. ඊයේ උදේ කෝල් කල විට කිවේ එක හදල කියයි. ඒ අනුව හවස ගියෙමි. එවිට කිවේ හෙට එනම් අද එන ලෙසයි.

අද ගිය විට චායා පිටපත් ලබා ගැනීමට හැකි විය. පොටෝකොපි කිරීමට තිබුනේ පිටු හතරකි. රස්තියාදුව දින 05 කි.

මට හැගුන දේ? යුක්තිය පසිදලීම පිළිබද යාන්ත්‍රනය ගැන කරන පර්යේෂණ, නව නීති ගෙන ආයුතු බවට කරන විද්වත් සාකච්චා මොකටද? පවතින නීති ප්‍රමාණවත්. බරපතල ගැටලුව ඒවායේ බාවිතයයි.

පොඩ්ඩක් ඉන්න මේ වාර්තා ලබාගත්තේ මෙරට එයිතිහාසික නඩුවක. ඒ වසර 09 ක් සිරගතව සිටි සොමවතිගේ නඩුව.


Tell a Friend