නෙල්සන් එස්. එදිරිසිංහ
අතිගරු ජනාධිපති මහින්ද රාජපකෂ මැතිතුමා 30 වරසක් පුරා පැවති යුද්ධය අවසන් කොට උතුරේ ජනතාවට ලබාදුන් නිදහස නිසා අද උතුරේ සිටින උගතුන් අතර සාහිත්‍ය දේශපාලනය වැනි විෂයයන් සම්බන්ධව සාකච්ඡා කිරීමට විශාල පිබිදීමක් ඇතිවී ඇතැයි ද එය සමාජයේ ඉදිරි වර්ධනය සඳහා ඉතා අත්‍යාවශ්‍ය දෙයක් බව ද සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා යාපනය මධ්‍ය මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී 2011.05.15 වැනි දින පැවති 'සොඩලූම් සොල්ලූම් කලම්" නැමැති ද්‍රවිඩ භාෂා උගතුන්ගේ සාහිත්‍ය විවාදයක විශේෂ අමුත්තා ලෙස සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා¦ පසුගිය යුද්ධ කාලය පුරාම උගතුන්ට කිසිදු විෂයයක් සම්බන්ධයෙන් කථා කිරීමේ නිදහසක් තිබුණේ නැතැයි ද එමනිසා අපේ සමාජය ආපස්සට ගමන්කළ බව ද ජනාධිපති මහින්ද රාජපකෂ මැතිතුමා විසින් යුද්ධය අවසන් කර උතුරේ සමාජයට ලබාදුන් නිදහස නිසා අද සාහිත්‍යය, දේශපාලනය වැනි විවිධ විෂයයන් පිළිබඳ විවිධ විවාදයන් උගතුන් මෙන්ම සමාජයේ විවිධ කොටස් තුළ මතුවී ඇතැයි ද, එය සමාජයේ ප්‍රගමනයට අතිශය වැදගත් බව ද ප්‍රකාශ කළේය. තමන්ට මෙම අවස්ථාවට සහභාගීවීමට ආරාධනා කිරීම පිළිබඳව ස්තුති කළ අමාත්‍යවරයා මෙවැනි කලා හා සංස්කෘතික වැඩකටයුතු ඉදිරියේදී තවත් වර්ධනය කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවායි තමා ප්‍රකාශ කරන බව පැවසීය.
මෙහිදී මහාචාර්යය ෂන්මුගදාසන් මහතාගේ දේශනයෙන් පසු කේ. බාලශන්මුගන්, එන්. තමිලින්තිරන්, මහාචාර්ය ටී. වේලම්බි, සෙල්වාවඩිවේල්, එස්. ලාලීසන් යන ආචාර්යවරුන් විසින් මහචාර්ය ෂන්මුගනාදන් මහතාගේ නායකත්වයෙන් ඉහත කී විවාදය පවත්වන ලදී. මෙය රාමායනය ග්‍රන්ථයේ ඇති කරුණු පිළිබඳව විවාදයක් වූ අතර එය ඉතා රසවත් විවාදයක් විය. පාසැල් ළමුන්, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම විවාදයට සහභාගී විය.

Post a Comment