ප්‍රබා, ඔසාමා සහ මහින්ද, ඔබාමා.

හර්ෂි සි. පෙරේරා

දරුස්මාන් වාර්තාව එක්සත් ජාතීන්ගේ නිල ලේකනය නොවන බවත් එල් ටි ටි ඊ සහ ප්‍රබාකරන් විනාශ කිරීමට ශ්‍රී ලංකා රජය සහ ආරක්සක අන්ස ගත් සියලු ක්‍රියාමාර්ග තමන් අනුමත කරන බව ඇමෙරිකානු සහකාර ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් මැයි 04 වැනිදා කියාසිටියේය. ඔසාමා බින් ලාඩන් නම් ඇල් කයිඩා නායකයාව මරා දැමුනේ මැයි 02 වැනිදාය.

09/11 ප්‍රහාරය සිදු කරමින් ලෝක පොලිස්කාරය සොලවමින් ඇමෙරිකාවේ පුද්ගලයින් 3000 ක් පමණ ගාතනය කිරීම පිටුපස සිටි මහා මොලකරු වුයේ ඇල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ය. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට මරාගෙන මැරෙන ප්‍රහාර මුලින්ම හදුන්වාදුන් දරුණුම ත්‍රස්තවාදියා වුයේ ලංකාවේ එල් ටි ටි ඊ නායක ප්‍රබාකරන්ය. ඔහුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අන්ස විසින් 2009 මැයි මාසයේදී ගාතනය කරන ලදී.

ඔසාමා මරාදැමු සැනින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සබපතිනි නවනිදින් පිල්ලේ අමෙරිකාවෙන් ඒ පිලිබදව වාර්තාවක් ඉල්ලා සිටියේය. ඒ බරක් ඔබාමා සහ ඇමෙරිකානු හමුදා නිරායුද ඔසාමව ඔහුගේ ඥාතීන් ඉදිරිපිට ගාතනය කිරීම ගැනයි. ජනාදිපති මහින්ද රාජපක්සට යුද අපරාද චෝදනා ගෙන එන බවට වූ යෝජනා දේශීයව සහ ජාත්‍යන්තරව උණුසුම් තත්වයක් ඇති කිරීමට හේතු වී ඇත. ඒ මහලේකම් බැන්කි මූන් පත්කළ විශේෂන්ඥ කමිටුවේ වාර්තාව ප්‍රසිද්දියට පත්වීමත් සමගය.

ලංකාවේ ඇතිව තිබෙන වාතාවරණය තුල අද දින සියලුම ආණ්ඩු හිතවත් සිංහල පත්තර වල රොබට් බ්ලේක්, ඔසාමා, ඔබාමා, බැන්කි මූන්, නවනිදීන් පිල්ලේ,ප්‍රබා සහ මහින්ද ගැන කතා කෙරෙති. මොවුන් ගැන කතා කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්දයෙන් වූ දරුස්මාන් වාර්තාව, 2009 මැයි මස අවසන් වූ ශ්‍රී ලංකාවේ යුද්දය, ප්‍රබාකරන් ගාතනය, ඔසාමා ගාතනය, ඇමෙරිකාව ඔසාමා මරා දමුහැටි යන සියල්ල පසුබිමක තබා ගෙනය.

ඔසාමා නිරායුදව සිටියදී ඔහුගේ ඥාතීන් ඉදිරිපිට ගාතනය කලේ නම් එයට සියලු ලෝකවාසීන් විසින් ඔබාමා ඇතුළු එක්සත් ජනපද හමුදා හෙළා දැකිය යුතුය. තවද එක්සත් ජාතින් කොන්ද කෙලින් තබා ගෙන අපක්ෂපාති පරීක්ෂණයක් කල යුතුව ඇත.

ලංකාවේ දරුස්මාන් වාර්තාවට විරුද්දව අත්සන් එකතු කිරීම ,අදිෂ්ටාන පූජා, යෝජනා සම්මත කිරීම අද දිනයේ ශ්‍රී ලංකා නිතින්ඥ සංගමය සම්මත කල යෝජනාවද ඇතුළුව ඉතා උද්යෝගිමත් ලෙස සිදුවෙමින් තිබේ. මේ අයගෙන් කීදෙනෙක් දරුස්මාන් වාර්තාව මුල සිට අගට කියවනු ලැබුවේද? යන්න යලි යලිත් ඇසිය යුතු ප්‍රශ්නයකි. මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්සක අංස පමණක් නොව එල් ටි ටි ඊ සන්විදානයද ජාත්‍යන්තර මනවදයාවාදී සහ මානව හිමිකම් නිතිය බරපතල ලෙස උල්ලංගනය කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුව තමන් එවැන්නක් කලේ නැත්නම් බිය වියයුතුද නැත.

තවද ශ්‍රී ලංකා ආණ්ඩුව සැබෑ ලෙස ජාත්‍යන්තර හොද හිත දිනා ගැනීමට නම් කලයුත්තේ දෙමල ජනයාට සමානව සලකන දේශපාලන විසදුමක් ලබාදීමය. තවද උතුරු නැගෙනහිර පළාත් වලින් හමුදා ඉවත් කිරීම, දෙමල ජනයා සහබාගි කරගත් සංවර්දන ප්‍රතිපත්ති හදුන්වාදීම සහ ඔවුන්ට ලැබිය යුතු මානව ගරුත්වය ලබාදීමයි. එවිට අනාගත ප්‍රබල නුපදිනු ඇත.

Tell a Friend