" මම බින් ලාඩන්ට ජුඩෝ ඉගැන්නුවා "

කිෂානි වැලිවිටිගොඩ

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සවුදි අරාබියේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අවස්ථාවේදී තමන් ඔහුට සටන් කලාව ඉගැන්වූ බව තායිවාන ජාතික ගුරුවරයෙකු සඳහන් කළේය. අඩි 06 අඟල් 04 ක් උස බින් ලාඩන් ජුඩි ක්‍රීඩාවෙහි දක්ෂයෙකු නොවූයේ ඔහුගේ උස නිසාය. 1981 සිට 1991 දක්වා අදාළ විශ්ව විද්‍යාලයේ ඉගැන්වූ අදාල ගුරුවරයාගේ නම ජිමි වූ ය.

2001 සැප්තැම්බර් 11 සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු බින් ලාඩන්ගේ නම ලොව පුර ප්‍රසිද්ධ විය. මේ කාලයේදී ජිමි හට දේශනයක් සඳහා ඇරයුම් ලැබෙන අතර එහිදී ඔහුගේ පැරණි සිසුන් බින් ලාඩන් ගැන මතකය අවධි කරන්නට විය. එවිට ඔහු පිළිබඳව මතකය යලිත් අලුත් විය. එසේම ඔහු සමඟ ලබා ගත් සේයාරුවක්ද ඔහු මාධ්‍ය වෙත ලබා දී තිබේ.

කෙසේ වෙතත් තමන්ගේ උස නිසා ජුඩෝ පන්තියට ඇතුලත් විය නොහැකි බව ජිමිගේ බිරිඳ ( අදාල පන්තියට ජිමි සහභාගී නොවන විට සිසුන්ට පුහුණුව ලබා දෙනු ලබන්නේ ඔහුගේ බිරිඳ විසිනි) සඳහන් කළ විට, බින් ලාඩන් කියා ඇත්තේ පිරිමි අය සිටිය යුතු තැනක කනතාවන් නොසිටිය යුතු බවයි. කෙසේ වෙතත් සතියට දෙතුන් වතාවක්ම ජුඩෝ ඉගෙන ගත් බින් ලාඩන් 1984 න් පසු යලිත් ඔහුට හමු වී නොමැත.

මේ අතර ඇමෙරිකාවේ ABC රුපවාහිනී නාලිකාව විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමට අදාළ මෙහෙයුමේ අලුත්ම වීඩියෝ පටයක් නිකුත් කළේය. එය පහත දැක්වේ.



Tell a Friend