ඉන්දුනීසියාවේ ගුවන් අනතුරක් : යානයේ ගමන් ගත් සියලුම දෙනා මරුට


ඉන්දුනීසියානු මගී ගුවන් යානයක් අනතුරකට ලක් වී පැපුවා දුපත ආසන්නයේ සාගරයට වැටි ඇති අතර යානය තුළ සිටි සියලුම මගීන් ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුර පත් වී ඇති ස්ථානයේ සෝදිසි මෙහෙයුම් සිදු කරන ආරක්ෂක අංශ නිලධාරින් උපුටා දක්වන පුවත් ඒජන්සි සඳහන් කර ඇත්තේ මේ වනවිට අනතුරට  ලක් වී මිය ගිය අයගෙන් 15 දෙනෙකුක්ගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.
ගුවන් යානයේ ගමන් ගත් සංඛ්‍යාව නිල වශෙයන් වාර්තා වී නැතත් එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයාට අනුව එහි 27 දෙනෙකු පමණ ගමන් කොට ඇත.

- කිෂානි
Tell a Friend