එපා එපා මස් කන්නට...... මුන්ට පිස්සු !

හර්ෂි සි. පෙරේරා

"ගවයන් මැරීම නීතියෙන් තහනම් කරන ලෙස ඉල්ලමින් සේරුවිල රජමහා විහාරාධිපති සරණ කිත්ති හිමියෝ අද දෙවැනි දිනටත් උපාසේ යෙදී සිටියහග බහුතරයක් බෞද්ධයන්ගේ ද හින්දු ජනතාවගේ ද ඉල්ලීම ගව ඝාතනය මුළුමනින්ම නතර කිරීමට බවත් ජනපතිට හා අගමැතිට මේ ගැන දැන්වුවත් යහපත් ප්‍රතිචාරයක් නැති බවත් ඒ හිමියෝ කියති'."

ලංකාවේ ළමුන්ගේ මන්දපෝෂණ තත්වය ගැන ඔබ වහන්සේලා කියන්නේ කුමක්ද? මොලය වැඩීමට ප්රෝටීන් සහිත ආහාර අවශ්යයි. හරක් මස් අදික ප්රෝටීන් සහිත ආහාරයකි. මේ කරන උපවාසය මේ රට ළමා පරපුර මොලයක් නැති හරකුන් පිරිසක් කිරීමට ගන්නා වෑයමකි. යුරෝපා රටවල සහ ජපානයේ ළමුන් අතර මන්දපෝෂණ මට්ටම අවම වීඇත්තේ ඔවුන්ගේ ආහාරය ප්‍රෝටීන් සහිත මාංශ වලින් යුක්ත නිසාය.

අනෙක් පසින් මේ රට මිනිසුන් නොයෙක් හේතුන් මත මැරෙන මරණ රටකි. ගවයින් ගැන නැගෙන අවිහිංසාව පිඩාවට පත් මිනිසුන් වෙනුවෙන් නැගෙන්නේ නැත්තේ කුහකත්වය නිසාද?

අවධාරණය කළ යුත්තේ රජය සහ ආගම දෙකක් මිස එකක් නොවන බවයි. ආගමට රජයට නීති සාදන්නැයි බලපෑමි කළ නොහැක. ආගම හා රජය එකක්විම ශිෂ්ටත්වය අතුරුදහන් විමකි. ලෝකය ගෝලාකාරයි කියු නිසා ගැලිලියෝ ගැලිලිව මැරෙන්නට ඉඩ හැරියේ කතෝලික සභාවයි. ගැලිලියෝට සමකාලිනයකු වු බෘනෝව කතෝලික සභාව පනපිටින් පුචිචා මැරුවෙද විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කළ නිසාය.

සිතන්න

බුද්දීමත්ව සිතන්න



Tell a Friend