බල බිඳ ඇති අධිකරණයට ආ නව අග විනිසුරු වරිය

බැසිල් ප්‍රනාන්දු

ලෝකයේ පළමු කාන්තා අග විනිසුරු වරිය පත් වීම ඉතා වැදගත් සිද්දියක් හෙයින් එය සැමරිය යුතු අවස්ථාවකි. එසේ වුවත් ලංකාවේ 1978 ව්‍යවස්තාව නීතිගත කිරීමෙන් පසු ඇති වී ඇති විශාල බල බිඳීම සහ ඒ නිසා රටේ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ඇති වී ඇති මහා අර්බුදයෙහි වාතාවරණ තුළ එවැනි වැදගත් සිදුවීමක පවා ඇත්ත වටිනාකම බොහෝ සේ අඩු වී ඇත. අවුරුදු දෙසීයක පමණ ලංකාවේ අධිකරණයේ ඉතිහාසයේ 1978 ව්‍යවස්ථාවෙන් යටපත් කරන ලද අතර ඉන් පසු ගත වූ අවුරුදු 33 කාලය තුළදී ලංකාවේ අධිකරණය සර්ව බලධාරී විධායක ජනාධිපති ක්‍රමයේ ග්‍රහණයට පත් කොට ඇත. ලනක්වේ අධිකරණයේ කඩාවැටීම පිළිබඳව ඇති වී ඇති ගැටලූ ඉතා දීර්ඝව ලේඛන ගත කොට ඇති අතර පහත සඳහන් අන්තර්ජාල ලිපිනයන් මඟින් ඊට අදාළ සමහර ලේඛන පරිශීලනය කළ හැකිය. The Phantom Limb: Failing Judicial Systems, Torture and Human Rights Work in Sri Lanka, Recovering the authority of public institutions Sri Lanka-Impunity, Criminal Justice &  Human Rights  and An X-ray of the Sri Lankan policing system & torture of the poor.

එම කඩාවැටීමේ මුලික අංගයන් පහත මෙසේ සාරාංශ ගත කළ හැකිය,

01. විධායක ජනාධිපතිවරයා නීතියට ඉහලින් සිටියි;

1978 ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ සහ වෙනත් වගන්ති යටතේ විධායක ජනාධිපති වරයා විධායකයේ සියලුම කටයුතු පිළිබඳව වගකීම් දරන්නා වන අතර ඔහු නීතියට ඉහලින් පිහිට සිටියි. ලංකාවේ ජනාධිපතිවරයා මොනම හේතුවක් යටතේවත් නීති කටයුත්තක් සඳහා අධිකරණයක් ඉදිරියට පැමිණවිය නොහැකිය. අපරාධ අධිකරණයක් ඉදිරියටවත් පැමිණවිය නොහැකිය. දැන් ලංකාවේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ඇති බලතල ලංකාව යටත් විජිතයක්ව පැවති අවධියේ එංගලන්තයේ අධිරාජයාට පැවති බලතල වලට වඩා වැඩිය. අධිකරණයේ ස්වාධීපත්‍ය පිළිබඳව මුලික නෛතික පදනම නම් කිසිවෙකු නීතියට ඉහලින් පිහිටා නැති බවය. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා පහතසඳහන් ලිපිය බලන්න, ( kindly click here to read more detail.) )

විධායක ජනාධිපතිවරයා නීතියට ඉහලින් පිහිටා සිටීම පිළිබඳව අනුමැතිය ප්‍රයෝගික ජීවිතයේදී ජනාධිපතිවරයාට පමණක් සීමා වී නැති අතර ඔහු වෙනුවෙන් ක්‍රියා කරන ඕනෑම කෙනෙක් දකවා පැතිරී ගොස් ඇත. හදිසි නීති සහ ත්‍රස්තවිරෝධී නීති නිසා මෙම තත්වය වඩාත් පුළුල්ව භාවිතා වේ. සමහර පුද්ගලයන් අධිකරණයේ ග්‍රහණයෙන් එපිට සිටීමට ඉඩහළ පසු බල බෙදීමේ න්‍යාය අර්ථ විරහිත තත්වයට පත් වේ. ලංකාවේ දැන් ඇති තත්වය එයයි.

දෛනික ජීවිතයේ කටයුතු වලදී මෙහි අර්ථය වන්නේ මිනි මැරුම් වැනි දී පවා විධායකයේ අණින් සිදුවන විට අධිකරණයට ඒ පිලිබනදව කටයුතු කිරීමට ඉඩක් නැති වීමය. විධායකය මිනීමැරුම්, බලයෙන් අතුරුදහන් කිරීම්, පැහැරගැනීම් සහ එවැනි බරපතල අපරාධ පිළිබඳව පරීක්ෂණ කිරීම පැහැර හැරිය පසු අධිකරණයට මේ පිළිබඳව කළ හැකි දෙයක් නැත. මෙය බරපතල ලෙස පෙන්නුම් කරන සිදු වීම් බොහොමයක් ඇත. ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, ප්‍රගීත් එකනැලිගොඩ, තිරිමාදුර උපාලි මෙන්ඩිස් සහ තවත් අය අතුරුදහන් කිරීම ආදිය එම ගණයට වැටේ. එහෙත් පොදු ජනයා සම්බන්ධයෙන් සිදු වන මහා අපරාධ අතරින් පරීක්ෂණයට පවා භාජනය නොවන ඒවා විශාල වශයෙන් පවතින අතර ඒවා කාගේත් අවධානයට පත් වන්නේ නැත. පොලිසිය විධායක ජනධිපතිවරයාගේ ග්‍රහණය යටතට පත්වීම තුළින් අපරාධ පිලිබන්ධ යුක්තිය පසිඳලීම හිතුවක්කාර එකක බවට පත් වී ඇත. මීටත් වඩා බරපතල සිදුවීමක් වන්නේ නීතිපතිවරයාගේ බලතල අයුතුලෙස පාවිච්චි කිරීම මඟින් දේශපාලන සහ වෙනත් කරුණු මත බොරුනාඩු ප්වරීම එක අතකින් පවතින අතර තවත් අතකින් අපරාධ කළ බවට හොඳටම සාක්ෂි ඇති අපරාධ කරුවනට නිදැල්ලේ සිටීමට ඉඩ හැරීමය. මේහි සඳහන් කිරීමට ඉඩ ප්‍රමාණවත් නැති තරමට එම ලැයිස්තුව දීර්ඝය.

යුක්තිය පසිඳලීම ක්‍රියාමාර්ගය අනිසිලෙස යොදා ගැනීමට හැකි කරන මුලික සාධකයක් නම් නඩු ඇසීම සම්බන්ධයෙන් සිදුවන පමාවය. නඩු පමාව මඟින් යුක්තිය නැතිකර දමා ඇති සාමාන්‍ය ජනයාගේ ගණන විශාල වන අතර එම පමාව යොදා ගනිමින් සිදු කරන සාක්ෂිකරුවන් මරා දැමීම් සහ බිය වැද්දවීම් මඟින් යුක්තිය පසිඳලීම ඇති ඉඩකඩ නැතිවීමද විශාල වශයෙන් සිදු වේ. යුක්තිය නැතිවීම අපරාධ කරුවනට මහැඟි අවස්ථාවන් පහල කරන තත්වයක් ඇති වී ඇත. මුල්‍ය වංචාකරුවන්, ව්‍යාජ රැකියා ඒජන්තයින්, සහ පගාවට යටපත් වී ජනතාවගේ අයිතීන් නැතිකරන රාජ්‍ය නිලධාරීන් නිසා ජන ජීවිතය බිහිසුණු සිහිනයක තත්වයට පත් වී ඇත. හොරු මෙම තත්වය රටේ අස්සක් මුල්ලක් නෑර සාම තැනකදීම තම ප්‍රයෝජනයට ගනියි. අපරාධයක් ගැන පැමිණිල්ලක් කිරීමට පොලිස් ස්ථානයකට යන සාමාන්‍ය රට වැසියා තවත් මර උගුල් ගණනාවකට හසු වී විශාල කරදර වලට පත් වේ.

අධිකරණය පිලිබනදව මතු වී ඇති ගැටලුව ලංකාවේ ව්‍යවතව තුලිඋන්ම පන නැගෙන එකක වන බැවින් එය වෙනස් කිරීම විනිසුරු වරුන් විසින් කළ හැක්කක් නොවේ. ලංකාවේ අධිකරණයේ ප්‍රශනය සමාජීය ප්‍රශ්නයකි. එය වෙනස් කළ හැක්කේ ව්‍යවස්ථාව පිළිබඳව සහ රජයේ සංස්ථාවන් පිළිබඳව ප්‍රතිසන්ෂ්කරන ඇති කිරීමේ දේශපාලන අධිෂ්ඨානය තුළින් පමණය.

එය කෙරෙන තුරු උත්සව පැවැත්වීමට හෝ හිත සනසා ගැනීමට අවස්ථාවක් ඇත්තේ නැත.


( ලේඛකයා විසින් A new Chief Justice for the dying judiciary of Sri Lanka යන හිසින් යුතුව ලියනු ලැබූ ලිපියේ සිංහල පරිවර්තනයකි ) 


Tell a Friend