හර්ෂි සි. පෙරේරා
"කුවේට් හිදී දරු ප්‍රසුතියකදී ශ්‍රී ලංකික ගෘහ සේවිකාවක් වූ මව සහ අලුත උපන් බිළිදා යන දෙදෙනාම මිය ගොස් ඇත. මේ මියයාම අදාල කුවේට් හාම්පුතාගේ නිවසේදී සිදුවූ බව වාර්තා වෙයි."
ශ්‍රී ලංකාව 1996 මාර්තු මස 16 වැනිදා සියලුම විදේශ ශ්‍රමිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල උදවියගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කරන ලදී. නමුත් එයට අත්සන් තබා නැත.
එහි 9 වන වගන්තිය මගින් විදේශ ශ්‍රමිකයින්ගේ සහ පවුල්වල උදවියගේ ජිවිත ආරක්ෂාව නිතිය මගින් සහතික කල යුතු බව දක්වා ඇත. එහි 10 වන වගන්තිය මගින් ඔවුන්ට වදහිංසා, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි දඩුවමකට ලක් නොකළ යුතු බව සදහන් වේ. මෙම සම්මුතියේ 28 වන වගන්තිය ට අනුව විදේශ ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට සවුක්කය පහසුකම් සදහා සම්පුර්ණ අයිතිය ඇත.
කුවේටය මෙම සම්මුතිය අනුමත කිරීම හෝ අත්සන් කිරීම යන දෙකම සිදු කොට නැත.
ශ්‍රී ලංකා බලදාරින් සිය ශ්‍රමිකයින් යවන්නේ මෙවැනි සම්මුතීන් අනුමත කර නොමැති රටකටය. ශ්‍රී ලංකාවද මෙම සම්මුතිය අනුමත කර ඇති මුත් අත්සන් තබා නැත. අපේ රටට වැඩිම විදේශ විනිමය ගෙන එන්නේ මෙම ශ්‍රමිකයින්ය. ඔවුන්ගේ ශ්‍රමය බිල්ලට දී මෙරට බලදාරින් ජොකි නටන බව අපි මිට ඉහතදීද පෙන්නා දුන්නෙමු.
ඇමති දිලාන් පෙරේරා ගෘහ සේවිකාව යන නම වෙනස් කිරීමට උත්සහ කරන නමුත් ඔවුන්ගේ මානව අයිතීන් සහ යහ පැවැත්ම වෙනුවෙන් කරන කෙන්ගෙඩියක් නැත.
මෙරට මෙන්ම එතෙර සිවිල් සමාජය විශේෂයෙන් හුමන් රියිට් වොච් සහ විදේශ ශ්‍රමිකයින් පිළිබද ආසියානු සංසදය දැන් මොකද කියන්නේ? මොකද කරන්නේ? ඔවුන් සම්මන්ත්‍රණ වැඩ මුළු තැබීමෙන් එහාට ගොස් මෙම රටවලට විශේෂයෙන් කුවේටය වැනි මැද පෙරදිග රට වලට මෙම සම්මුතියට අත්සන් තබන ලෙස බලපෑම් කල යුතුව ඇත.

Post a Comment