අමිල ගුණරත්න
මෝඩ ටෝක් දෙන අයව බයිට් එකට ගැනීම කොල්ලන්ගේ සිරිතය , අපටත් කොල්ලන්ගේ සිරිත බෝවී ඇත. දිනමිණ පුවත්පතේ කතුවැකි බයිට් එකට ගැනීමට අපිට නිතරම සිදුවී තිබීමද වාතයකි. ඒත් මෝඩ ටෝක් දෙන දිනමිණ පුවත්පතේ කතුවැකි දකින විට අපගේ කට සහ පෑන පොපියයි. 2011 මැයි 18 දින දිනමිණ කතුවැකිය මෙසේය. (මෙහි රතු පාටින් ඇත්තේ අපගේ සටහන්ය)
අපේ වෙනස !
“ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි” එම බුදු වදන බොහෝ දෙනෙකුට හුරු පුරුදුය. ධර්මය පිළිපදිමින් එහි ම හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලැබේ. මිනිස් සමාජයකට හඳුන්වා දිය හැකි සරල ම ධර්මය කුමක්ද! පංච ශීලයයි. පස් පවින් වැළකී සිටීමයි. ප්‍රාණ ඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, මුසාබස් දෙඩීමෙන් හා සුරා පානයෙන් වැළකීම ලෙස එය ධර්මයෙහි සඳහන්ව තිබේ. නිති පන්සිල් රකින සමාජයක් ගොඩනැඟිය හැකි නම්; අප මුහුණ දෙන අර්බුදවලින් බොහොමයක් විසඳාගත හැකිය. ප්‍රාණ ඝාතයෙන් වැළකී සිටීමේ ආනිශංස විසි තුනක් සඳහන් වේ. සොරකමින් වැළකීමේ ආනිශංස එකොළහක් සඳහන් වේ. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ආනිශංස දහ නවයක් සඳහන් වේ. බොරු කීමෙන් වැළකීමේ ආනිශංස දහ හතරක් ද, සුරා පානයෙන් වැළකීමේ ආනිශංස තිහක් ද සඳහන් වේ.
මේ කතුවැකිය ලිය ඇත්තේ අපේ සුප්‍රකට පශුවදන්කරු පණ්ඩිත මහින්ද අබේසුන්දරතුමාණන් නම් කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, මුසාබස් දෙඩීමෙන් හා සුරා පානයෙන් වැළකීම ගැන උන්නැහේ කතා කරනවිට අපිට කියන්ට තියෙන්නේ මෙන්න මු වැදී බන කියනාවෝ කියලාය.
අපි‍්‍රකානු මහද්වීපයේ රටවල් බොහොමයක ජනතාව තුන්වන සිල් පදය නොසළකා හරිති. කාම මිථ්‍යාචාරය ඔවුන්ගේ සෙල්ලමක් හෙවත් විනෝදාංශයක් බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලය කුමක් ද? ඒඩ්ස් නම් මාරාන්තික රෝගය වැඩිපුරම පැතිර ඇත්තේ අපි‍්‍රකානු කලාපයේ ය. එහි මිනිසුන්ගේ ආයු කාලය සීඝ්‍රයෙන් පහතට ගමන් කරයි. තරුණ පරම්පරාවේ වැඩි දෙනෙක් අකාලයේ මිය යති. රජය සිය සංවර්ධන අරමුදල්වලින් විශාල ප්‍රමාණයක් රෝග නිවාරණය සඳහා යොදා ගෙන තිබේ. මානව ප්‍රතිශක්ති ඌනතාව රෝගයක් ලෙස තවදුරටත් පැතිරෙන බැවින් අපි‍්‍රකානු කලාපය තුළ පැහැදිලි මානව සංවර්ධනයක් පෙනෙන තෙක් මානයක නැත.
මෙය කොච්චර මෝඩ කතාවක් ද ? මේ කතාව ගමේ කොපි කඩේ කහට උගුරක් බී බැංකුව උඩ වාඩි වී දිනමිණ පත්තරය බලන අබරන් ආතා විස්වාස කලාට දේශ දීපාන්තර වල ගිය මිනිසුන් මේ කතා ගෙඩි පිටින් නොගිලිති. යුරෝපයේ , ඇමරිකාවේ, ලතින් ඇමරිකාවේ මිනිසුන් අපි‍්‍රකානු මහද්වීපයේ මිනිසුන් මෙන්ම ලිංගිකව හැසිරෙති. අප්‍රිකාවේ ලිංගික අධ්‍යාපනය අඩු නිසාත් ( එසේ අඩු වී ඇති එක හේතුවක් නම් සාක්ෂරතාවයේ ගැටළුය. ) කොන්ඩොම් භාවිතය නුහුරු නිසාත් මෙසේ රෝග පැතිරීම වැඩි වී තිබේ. අප්‍රිකාවේ ඒඩ්ස් රෝගීන් අතර ඇති මිත්‍යා මතද ( කන්‍යාවක් සමග ලිංගිකව එක්වීමෙන් ඒඩ්ස් රෝගය සුව කර ගත හැක වැනි මිත්‍යා ) අප්‍රිකාවේ ඒඩ්ස් රෝගය පැතිරීම වැඩි කරයි. එසේම අඩු සෞක්‍ය යටිතල පහසුකම් ද මේ තත්වය උග්‍ර කරයි.
පංචශීලය මුල් තැනෙක ලා සළකන සමාජයක් සහිත ප්‍රමුඛ රාජ්‍යය ද ශ්‍රී ලංකාව වේ. එහි ප්‍රතිඵල නූතන සමාජයෙන් ද උකහා ගත හැකිය. මේ රාජ්‍යය ගෝත්‍රවාදවලින්ද, ආගම්වාදවලින්ද ඊට අදාළ මහා ඝට්ටනවලින්ද බොහෝ සෙයින් ම නිදහස් ය. එය අප ලැබූ භාග්‍යයක් නොවේ ද?
අනේ ඇයි බොරු කියන්නේ අපේ රටේ දකුණේ ගෝත්‍රවාදයක් නැද්ද ? උතුරේ ගෝත්‍රවාදයක් තිබ්බේ නැද්ද ?
2005 න් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා විශේෂ උනන්දුවක් පවතී. එය රාජ්‍ය නායකයාගේ මඟ පෙන්වීම හා ආණ්ඩුවේ ප්‍රතිපත්ති මත වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරයි. ජනාධිපතිවරයාගේ ප්‍රධාන අදහසක් වන්නේ රටේ ආර්ථික සංවර්ධනය සමඟ පුද්ගලයාගේ චරිත සංවර්ධනයක් සිදුවිය යුතු බවය. විනය ගරුක සමාජයක් ගොඩනැඟීම සඳහා වූ වැඩසටහන් රැසක් දැනටම ක්‍රියාත්මක වේ. එම වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින් පංච ශීලය රකින යහපත් සමාජයක් ගොඩනැඟීමට ජනතාවගේ සහයෝගයත් ආණ්ඩුවට ලැබිය යුතුය.
විනය ගරුක සමාජයක් ගොඩනැඟීමට කලින් පෑලියගොඩ කප්පම්කරයෝ , මර්වින්ගේ මැර ක්‍රියා , නවත්තලා හිටියොත් නේද හොඳ මහත්තයෝ

Post a Comment