අමිල ගුණරත්න
ශ්‍රී ලංකා ගාර්ඩියන් පුවත් පතේ හර්ෂි සි. පෙරේරා පෙන්වා දෙන අන්දමට ගවයන් මැරීම නීතියෙන් තහනම් කරන ලෙස ඉල්ලමින් සේරුවිල රජමහා විහාරාධිපති සරණ කිත්ති හිමියෝ උපාවාසයේ යෙදී සිටියි. ගව ඝාතනය මුළුමනින්ම නතර කිරීමට බවත් ජනපතිට හා අගමැතිට මේ ගැන දැන්වුවත් යහපත් ප්‍රතිචාරයක් නැති බවත් ඒ හිමියෝ කියති'. මෙය අරුම පුදුම තත්වයකි ඇයි ගවයාට පමණක් කරුණාව , කුකුළා ප්‍රාණියෙකු නොවේද ? ඇයි කුකුල්ලු මරණ එකත් තහනම් කරන්ට නොකියන්නේ ? එයින් ගියාම සූකරයා , මාළුවා මේ සියල්ලම සත්වයන් නේද ? අපට හැඟෙන අන්දමට මෙම උපාවාසය ටිකක් මොඩිෆයි කල යුතුයි. කුකුලන් ,සූකරයන් , මාළුවන් මැරීමත්, සැමන් ටින් ආනයනය කිරීමත් නීතියෙන් තහනම් කරන ලෙස ජනපතිට හා අගමැතිට බලපෑම් කරමින් උපාවාසය අකුරටම කිරීම වටී. මෙහෙම උපාවාස බලපෑම් කරමින් යන විට ධර්ම රාජ්‍යය ඉක්මනින්ම හදා ගත හැකිය. ලංකාවේ ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයකට ප්‍රෝටීන් අඩු මන්දපෝෂණ තත්වය තිබේ. ලංකාවේ ළමුන් වයසට අනුරුපිත බරෙන් හා උසින් අඩු වෙමින් යති. ධර්ම රාජ්‍යය හැදෙන විට ලංකාව ඉතියෝපියාවක් , සාගත යායක් වී ඇත. අපේ උන්නාන්සේලා කරන මේ විකාර වැඩ දිහා බැලුවම තමන්ගේ ළමයි බටහිර රටවලට යවා උන්ට ගව මස් හැම්බර්ගර් ගිල්ලවමින් ජාතියේ අනෙක් ළමයින්ට පිදුරු කවන ජාතික චින්තනකාරයෝ තව හොඳය. උන් තවම අපේ ගමේ කොල්ලන්ට ප්‍රෝටීන් තහනමක් ගෙන ආවේ නැත.

Post a Comment