අපරාධකාරයින් වසන් කරන ලංකාවේ මාධ්‍ය

පුවතක්

මතුගම, ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එම පාසලේ ශිෂ්‍යයකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත‍්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 05 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට නියෝග කළේය. මෙම සැකකරු එම පාසලේ දෙමළ අංශයේ විදුහල්පතිවරයා බව පැවසේ. මෙම සිසුවා අදාළ විදුහල්පතිවරයා විසින් පවත්වනු ලබන උපකාරක පන්තියට පැමිණි අවස්ථවේදී මෙලෙස අපයෝජනයට ලක්ව තිබේ.

තවත් පුවතක්

2011 අප්‍රේල් 22 සිකුරාදා දිවයින පුවත් පතේ ඒ. ඡේ. ඒ. අබේනායක මෙසේ වාර්තා කරයි. ඇමෙරිකානු ව්‍යාපාරිකයකුගේ ගිණුමෙන් 98,50,000 ක්‌ වංචා කළැයි ඇමැති සම්බන්ධීකරණ ලේකම් මැයි 4 වැනිදා දක්‌වා රිමාන්ඩ්.

අමිල ගුනරත්නයින් ශ්‍රී ලංකා ගාඩියන් වෙත ප්‍රකාශ කල ආකාරයට දිවයින පමණක් නොව බොහෝ මුද්‍රිත සහ විද්‍යුත් මාද්දය අපරාදකරුවන්ගේ නම් හෙළි නොකිරීම සිය සදාචාරය කර ගෙන ඇත. මෙය මර්වින් සිල්වාගේ සිට ඊනියා විදුහල්පතිවරු දක්වා වියප්තව ඇත. පොලිස්කාරයින්ටද එසේමය. ගමේ පිට පොකට්කාරයටද එසේමය.

මේ මාද්දය සදාචාරය පිටු පස්සේ ඇත්තේ කුමක්ද? එක්කෝ බලයට නිලයට ඇති නිවට බයාදුකමයි. නැතිනම් තම සාක්කුවට වැටෙන අල්ලසයි. මේ දෙය වෙනස් වන තුරු සදාචාරයක් හෝ මහා ඉහලින් කැ මොරදෙන බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වූකලී කුහකත්වය පිළිබද විලි වසා ගැනීමකි.

හර්ෂි සි. පෙරේරා