ශාන්ත, සෝමාවතී සහ වැලිකඩ බන්දනාගාරය.

හර්ෂි සි. පෙරේරා

 බන්ධනාගාරගත කර සිටි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහර දුන් බව කියන බන්ධනාගාර නිලධාරිවරයකුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් එස්. හපුආරච්චි මහතා පැවසීය.විජේසූරිය මහතා බන්ධනාගාර මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගත් බවද හපුආරච්චි මහතා කීය.

අධිකරණයට අපහාස වන පුවතක් වෙබ් අඩවියේ පළ කළැයි රිමාන්ඞ් කැර සිටි ඔහු පසුව නිදහස ලැබීය.

(ලංකාදීප)

මේ 2011.02.22 නිදහස ලැබූ සැක අංක 333 උව අදිකරිගේ සෝමාවතී කියන කතාවයි.

" දිනය මතක නැහැ. එදා හිටිය ගනු කිහිපදෙනෙක් සබන් ඔට්ටුවට තබා කාඩ් සෙල්ලම් කළා. මම එදා කොටුවේ පරනිමතයා. ගැණු රණ්ඩු වුන. වාට්ටුවේ හෙඩ් ඇවිල්ලා කඩ කුට්ටම අරන් ඉරලා විසි කළා.

සද්දෙට ලොකු කුසුම් නෝනා අව. මම හිතන්නේ ඇය ගාඩ් කෙනෙක්. දැන් ඇය නැහැ. වාට්ටුවේ හෙඩ් කිවුව සොමවතිගේ කොටුවේ රණ්ඩුව ඇතිවුනේ කියලා. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව බෙල්ට් එක ගලවල මට ගැහුවා. මගේ ඇග නිල්වුනා. මට බෙහෙත් ගන්න සිද්ද වුණා. පි එච් එකට (බන්දනාගාර රෝහල) ගියාම මම එතන දොස්තරට කිවුව මට ගහපු බව. එතකොට කාන්ත අංශයේ ලොකු මඩම් කුමාරි ය කිවුව දුර දිග ගෙනියන්න එපා කියා. ඉන් එහාට මට කරන්න දෙයක් තිබුනේ නැහැ. "

( ප්‍රකාශනය ජනසංසදය)

මේ ශාන්තගේ සොමවතිගේ කතාව නොව අඩු වැඩි වශයෙන් බන්දනාගාර ගතවන සියලු දෙනාගේ කතාවයි.



Tell a Friend