සිරියාවේ උද්ඝෝෂණ : 90 ක් මරුට 80 කට තුවාල

ජනාධිපති බසාර් අල් අසාද්ට එරෙහිව එරට ජනතාව විසින් දින ගණනාවක් පුරා ක්‍රියාත්මක වන උද්ඝෝෂණ වලට එරෙහිව ආරක්ෂක අංශ තැබූ වෙඩි ප්‍රහාර වලදී සිවිල් වැසියන් 90 දෙනෙකු පමණ මිය යන්නට ඇති මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරයි. එසේම අදාල ප්‍රහාර වලදී 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. ඊයේ දිනයේදී දස දහස් ගණන් ජනයා වීදි බැස උද්ගෝෂණ කල අතර ඔහු ජනාධිපති බසාර් අල අසාද්ට ඉල්ලා අස් වන ලෙස ඉල්ලා සිටියහ. වසර 50 ක සිට ක්‍රියාත්මක වූ හදිසි නීතිය ජනාධිපති අසාද් ඉවත් කලද එය පමණක් ප්‍රමාණවත් නොවන බව උද්ඝෝෂකයෝ කියා සිටියහ. ඒ වෙනුවට දේශපාලන ප්‍රතිසංස්කරණයක් සහ සබැ නිදහසක් රටට අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි. පසු ගිය මාර්තු මාසයේ සිට සිරියාව තුළ මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්බ වු අතර මේවන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 300 කට අධික වේ.

Tell a Friend