සිංහල පොත පතින් දර්ශනය ජනතාකරණය කළ නිහඬ දාර්ශනිකයා

නොබෝදා අප අතරින් වෙන්වූ මහාචාර්ය ඒ. සී. පී. කලන්සූරිය විද්වතාණන්ගේ සේවය වෙනුවෙනි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ
සමාජ විද්‍යා අංශයේ
මහාචාර්ය දයා අමරසේකර


දර්ශනය (Philosophy) යන වදන ග්‍රීක සම්භවයක්‌ ඇත්තකි. රුචිය හෙවත් කැමැත්ත ඥනය වෙත පැවැතීම. ඥනය ප්‍රිය කිරීම දර්ශනය යන්නෙන් ගම්‍ය කෙරේ. ඥනය ප්‍රිය කරන දාර්ශනිකයන් අතරෙන් ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක්‌ දර්ශනය ඉගැන්වූ ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා වූ මහාචාර්ය ඒ. ඩී. පී. කලන්සූරිය දැනට දින කිහිපයකට පෙර අප හැර ගියේය. එතුමන්ගේ හදිසි අනපේක්‌ෂිත සමුගැන්ම ඥනය ප්‍රිය කරන බොහෝ අයට මහත් වූ වික්‌ෂෝපණයක්‌ විය. අවසන් මොහොත තෙක්‌ම පේරාදෙණිය සරසවියට සේවය කරමින් එහි පාලක සභාවේ ක්‍රියාකාරී භුමිකාවක නියෑළෙමින් ඒ අතර තමා දිවි දෙවැනි කොට සැලකූ බටහිර දර්ශනය පිළිබඳව සුවිශාල ශාස්‌ත්‍රීය කෘතියක අවසානය ලියමින් සිටිමින්ම එතුමා ජීවිතයෙන් සමුගැන්ම සැබැවින්ම ෙ€දයකි. මහාචාර්ය කේ. ඇස්‌. ජයතිලක සූරීන් ගෙන් පසුව දර්ශනය පොදු ජන සමාජයට රැගෙන ගිය ඒ. ඩී. පී. කලන්සූරිය සැබැවින්ම දැන් මෙරටේ දර්ශන විෂයයේ කේන්ද්‍රිය සංරචකයක්‌ බවට පත්ව අවසන්ය.

1952 වසරේදී ශාස්‌ත්‍ර හා පෙරදිග අධ්‍යයන පීඨ, කොළඹින් මාරුකොට පේරාදෙණියේ ස්‌ථාපිත කිරීමත් සමග සම්බන්ධීකරණ විෂයයක්‌ ලෙස, දර්ශනය වඩාත් ප්‍රචලිත කිරීමට කේ. ඇම්. ජයතිලක මහාචාර්යතුමාට දැඩි අවශ්‍යතාවක්‌ තිබිණ, ඒ. ඩී. පී. කලන්සූරිය සහාය කථිකාචාර්යවරයකු ලෙස 1964 දී දර්ශන අංශයට බඳවා ගැනෙන්නේ මෙබඳු පසුබිමකය. මේ යුගය වන විට බටහිර දර්ශනය ඉහළ පිළිගැනීමකට ලක්‌ව තිබූ ප්‍රභූ මට්‌ටමේ විෂයයක්‌ වූ අතර සිංහල රාජ්‍ය භාෂාව වුවත් විශ්වවිද්‍යාල මට්‌ටමින් මෙම විෂයය පිළිබඳ පාඨ ග්‍රන්ථ හා පෙළ පොත් සිංහලෙන් පැවැතියේ අල්ප වශයෙනි.

බටහිර දර්ශනය වැනි විෂයයක සංකීර්ණ සංකල්ප පහදා ගැනීමට, විචාරාත්මක දෘෂ්ටියක්‌ හදාගැනීමට සිදු වූයේ ගැඹුරු ඉංග්‍රීසි පොත පත. පාදක කර ගෙනය. මෙය සැබැවින්ම අභියෝගයකි. මේ අභියෝගයට එඩිතරව මුහුණ දුන්නේ, ඒ. ඩී. පී. කලන්සූරිය තරුණ කථිකාචාර්යවරයාය. ව්‍යක්‌ත ඉංග්‍රීසිය හා සිංහල යන භාෂාද්වයම ඔහුට හොඳින් හුරු පුරුදු විය. පේරාදෙණි මුල් ගුරු පරපුරේ සිටි වියත්හු මෙසේ ද්විභාෂා උගත්තු වීමම සැබැවින්ම මානව ශාස්‌ත්‍ර සමාජීය විද්‍යා ක්‌ෂේත්‍රයේ අභිවර්ධනයට මහත්වූ බලපෑමක්‌ වූ බවට කලන්සූරිය මහාචාර්යතුමාද කදිම නිදසුනකි. ඔහු භාෂා දෙකෙන්ම දේශන පැවැත්වීය. පර්යේෂණ ලිපි ලිවීය. පොත පත සකස්‌ කළේය. සංකීර්ණ දාර්ශනික සංකල්පනාවන් නිබන්ධන පංතිවල නැවත නැවත පැහැදිලි කළේය. විවේචනාත්මක විමසුම් විග්‍රහය හා සම්බන්ධ විධිවේදී රිතීන් හා ශිල්ප ක්‍රම වෙහෙස නොබලා භාෂා දෙකෙන්ම සිසුන්ට පැහැදිලි කළේය.

බටහිර දර්ශනය පිළිබඳ පත පොත පරිවර්තන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් බිහිවීම අතිශය ප්‍රමාද වෙද්දී ඒ ගැන දුර්මුඛ නොවී, අඛණ්‌ඩව පොත් ලිවීම ආරම්භ කිරීම ඓතිහාසික පියවරකි. මුල්වරට සිංහල පාඨකයාට ඉංග්‍රීසි ජාතික දාර්ශනික බර්ටන්ඩ් රසල් විශ්ලේෂී දාර්ශනිකයන් වන විටිගන්සේටෛන් ගිල්බට්‌ රයිල්, ෙ-. එල්. ඔස්‌ටින්, පී. එµa, ස්‌ට්‍රොaසන් වැන්නන් රැගෙන ආවේ කලන්සූරිය මහාචාර්යතුමාය. මේ හැර ප්‍රත්‍යක්‌ෂමය දාර්ශනිකයන් වන ආර්. ෙ-. හර්ඕස්‌ට්‌, ජෝන් ලොඩ්, ෙ-. ආර්. ස්‌මිතීස්‌ වැන්නන්ගේ සංකල්පනාවක්‌ද විය. එතුමා ලියූ කෘති අතර ග්‍රීක දර්ශනය, නූතන බටහිර දර්ශනය (පේරාදෙණිය විශ්වවිද්‍යාල මගින් මෑතදී නැවත මුද්‍රණය කරන ලදී.) දර්ශනය ප්‍රත්‍යක්‌ෂය හා ඥනය බර්ටන්ඩ් රසල් හා සමකාලීන දර්ශනය විට්‌න්aසේටෛස්‌ හා සමකාලීන දාර්ශනික ගැටලු දාර්ශනික චින්තන ධාරා බුදු දහම, දාර්ශනික චින්තන ධාරා ග්‍රීක දාර්ශනිකයේ යන කෘතිවලින් සමස්‌ත දාර්ශනික ක්‌ෂේත්‍රයම සිංහල පාඨකයාට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක නියෑළුණ බවට විවාදයක්‌ නැත. එතුමාගේ "දර්ශනය හැඳින්වීමක්‌ද" නම් කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවකි.

කලන්සූරිය මහාචාර්යතුමාගේ ශාස්‌ත්‍රීය දිවියෙහි දුෂ්කරතම කාර්යය වූයේ බටහිර දර්ශනයේ විධි ශාස්‌ත්‍රය හා ශිල්ප ක්‍රම අපට ආවේණික බුදු දහමේ සංකල්පවලට ආරෝපණය කොට බෞද්ධ දර්ශනයක්‌ ගොඩනැංවීමකි. අපට බෞද්ධ චින්තනයක්‌ ඇත. ^Buddhist Thought& නමුත් අපට බෞද්ධ දර්ශනයක්‌ (Buddhist
Philophy) නැත යන්න තරයේ විශ්වාස කළ එතුමා එය ගොඩනැංවීමට අවශ්‍ය ශාස්‌ත්‍රීය පසු තලය නිර්මාණය කිරීම අද දර්ශන විෂයයන් උගතුන් ගෙන් සිදුවිය යුත්තක්‌ බව විශ්වාස කළේය. මෙහිදී කලන්සූරියන් පෙන්වා දෙන්නේ ඉතා සංකීර්ණ අදහසකි. ඥන විභාගය විධි ක්‍රමවේදය පදනම් කර ගෙන කේ. ඇස්‌. ජයතිලකයන් ආරම්භ කළ මෙය ලත් තැනම ලොප් වී විකෘති වූ බෞද්ධ දර්ශනයක්‌ බිහි වී ඇති බවය. A
Philosphical Analyosis of Buddhi
nmotion iy The Buddhas Discoursel
and wittgentein compasion Buddhist
Institue නම් කෘති දෙක ඔහු රචනා කළේ මෙම ශාස්‌ත්‍රීය මතවාදය වෙනුවෙනි. එතුමාගේ එක්‌ ලිපියක මෙසේ ලියා ඇත.

මේ අභ්‍යාසයට රුචියක්‌ ඇති සිසු සිසුවියන් අතරින් එක කෙනකු හෝ මේ මං පෙත අනුගමනය කරන්නේ නම් මාගේ මේ අරමුණ සම්පූර්ණ වී යයි සිතමි. එම කාර්යය එම මංපෙතේ ගමන් කිරීමේ අභ්‍යාසය අනාගතයට අයිති වන්නක්‌ යෑයි තවදුරටත් සිතමි.

මහාචාර්ය කලන්සූරිය ගැඹුරු දාර්ශනික විශ්ලේෂණ සිදුකළ අන්තර් ජාතික කීර්තියක්‌ද හිමිකරගත් විශිෂ්ටයෙක්‌ ලෙස ශ්‍රී ලංකාවට ගෞරවයක්‌ ලබාදුන් චරිතයක්‌ද වෙයි. මෙයට වසර පහතට පෙර ඔක්‌ස්‌පර්ඩ් විශ්වවිද්‍යාලය මගින් විශිෂ්ටතම දාර්ශනිකයන් තිදෙනකුට පිරිනැමුණ "ප්ලේටෝ" සම්මානය හා රන් පදක්‌කම දිනාගත්තේ එතුමාය. එංගලන්තයේ කේම්බ්‍රි-හි අන්තර්ජාතික ජීවන චරිත විද්‍යා ස්‌ථානයේ 1947 පළවූ Who Who
of Intellectvals 12 වැනි සංස්‌කරණයේ 194 -195 පිටුවල කලන්සූරියන්ගේ විද්වත්බව පිළිබඳ ප්‍රශංසනීය සටහනක්‌ කර ඇත.

මහාචාර්ය කලන්සූරිය දුලබ මිනිස්‌ ගුණ ගැඹුරින් සිතේ නිදන්කොට ජීවත් වූ අයෙකි. ඒ නිසාම එතුමා ප්‍රිය කරමින් සමීප වූවෝද අල්පය. එතුමාට ළංව සිටි අය එතුමා හඳුනන්නේ දරුණු ජීවිත පරාජයන්ට මුහුණ දුන් අයට අයෝමය ශක්‌තියක්‌ ක්‍රියාවෙන් ලබාදුන් විරෝදාලංකාර නිහඬ මනුස්‌සයෙක්‌ ලෙසය. විවිධ පිළිගැනීම්, පරිපාලන ගැටලු, මැදහත්ව ගැඹුරින් අධ්‍යයන කොට ඒවාට නිසි පිළියම් දීමටත්, විනාශ වීමට ගිය පුද්ගලයන් ඔසවා තැබීමටත්, එතුමා ක්‍රියාත්මක වූයේ නිස්සරණධ්‍යාසයෙනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව තුළ කලන්සූරිය මහාචාර්යවරයා කේන්ද්‍රීය චරිතයක්‌ වූයේ එතුමා තුළ පැවැති මෙම ගුණය නිසාම යයි සිතමි.

මහාචාර්ය ඒ. ඩී. පී. කලන්සූරිය මහතා දැන් අප අතර නැත. එහෙත් එතුමා අංග දෙකකින් නොමැරෙන නමක්‌ තබා අප හැර ගොස්‌ ඇත. ඉන් පළමු වැන්න නම් මරණය සිදුවන තෙක්‌ම තමාට ජීවය දුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අඛණ්‌ඩව සේවය කිරීමය. විශ්‍රාම ගතද එතුමාගේ කාලය විශ්වවිද්‍යාලයේ ලිපිගොනු අතර ගත විය. දෙවැන්න, එතුමා දර්ශන විෂයෙහි සදානුස්‌මරණීය ලක්‍ෂයක්‌ වීමය. "කලන්සූරිය ලකුණ" ශ්‍රී ලාංකීය දාර්ශනික සම්ප්‍රදායයට එතුමා එකතු කර ඇත. එයට එකඟ වන්නෝද නොවන්නෝද බොහෝ සිටිති. එහෙත් එතුමාගේ දාර්ශනික කාර්යය පිළිබඳව කිසිවක්‌ දුර්මුඛ නොවෙති.

සෑම මිනිසකු තුළම සුදු හංසයකු හා හිවලකු සිටිතැයි කීවේ ඉංග්‍රීසි ජාතික දර්ශනවාදියකු වූ ඩේවිඩ් හියුම්ය. මෙරටේ දීර්ඝතම කාලයක්‌ දර්ශනය ඉගැන්වූ ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා වූ ඒ. ඩී. ජී. කලන්සූරිය සුදු හංසයන් හා හිවලුන් මැද නොසැලී නොබියව අදීනව කටයුතු කරමින් සිය විෂයයට ගෞරවයක්‌ හා කීර්තියක්‌ ලබා දුන්නේය. එසේ සටහන් කිරීම එතුමාට කරන ගෞරවයකි.

Tell a Friend