අමිල ගුණරත්න
මීට වසර දෙකකට පමණ උඩදී කිරිබත්ගොඩ වාසය කරන මගේ මිතුරෙක් ඔහු ජීවත් වන කිරිබත්ගොඩ නගරය ගැන පාරට්ටු කලේ මෙසේය.
" හිගුරක්ගොඩ ඇරුනම දෙමළුන්ටයි තම්බියන්ටයි බිස්නස් කරන්න දෙන්නේ නැති ටවුන් එක තමයි කිරිබත්ගොඩ. මෙහෙ එක කඩයක් සිංහලුන්ට ඇර වෙන කාටවත් විකුනන්න බැහැ, එහෙම වික්කත් බිස්නස් කරන්න බැහැ. "
දෙමළාගෙන් සහ තම්බියාගෙන් තොර කිරිබත්ගොඩට අද මොනවාද වී ඇත්තේ? අද කිරිබත්ගොඩ ඇතුළු අවට නගර වල මර්වින්ගේ කට්ටිය කඩවලින් කප්පම් ගනිති. සමහර වියාපරිකයන් තම ප්‍රාග්ධනය රැගෙන වෙනත් නගර වලට යති. සමහරු රට අත ඇරලා යන්නම යති. රජතුමාටද මෙම කප්පම් මිලායාතී උවදුර නවතා දමන්නට බැරි හැඩකි. බලාගෙන යනකොට දෙමල සහ තම්බි කඩ කීපයක් කිරිබත්ගොඩ තිබ්බේ නම් සමහරවිට කප්පම් සෙල්ලම දුර දිග නොයවා තම පාර්ලිමේන්තු නියෝජිතයන් හරහා හෝ රජතුමාට පීඩනයක් දම්මවා මෙම උවදුර නවතා දමන්නට ඉඩක් තිබුණි. දෙමළාගෙන් සහ තම්බියාගෙන් තොර කිරිබත්ගොඩ ගැන කල්පනා කරන විට දෙමළාගෙන් සහ තම්බියාගෙන් තොර ලංකාවක් හදන්න ට්‍රයි කරන දේශප්‍රේමින් ගැන සිතන විට බයත් හිතෙනවාය. බැරි වෙලා හරි එහෙම දේශයක් හැදුවොත් අපේම එවුන් සිංහල අපිටම මදි නොකියන්නම කෙළවන බව කිරිබත්ගොඩ උදාහරනයෙන්ම පෙනේ. ප්‍රභාකරන්ගේ පැසිස්ට්වාදයත් සිංහල පැසිස්ට්වාදයත් එකම කාසියේ දෙපැත්ත බවත් පොදු ජනතාවට ඉන් කිසිම සහනයක් නැති බවත් මේ අනුව ඇස් පනාපිටම පෙනී යයි. ඉතින් අපට කියන්න තියෙන්නේ "ඇස්ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ " කියා තමයි.
Post a Comment