සිරියානු හමුදා වැලපෙන්නන්ටත් වෙඩි තබති

සිකුරුදා සිරියාවේ පැවති ආණ්ඩු විරෝදී පෙළපාලි වලදී මියගිය සංකයාව අවම වශයෙන් 75 ක් වේ. ඔවුන්ගේ අවමගුල් වලට සහබගිවුවන්ට හමුදාව සිදුකල වෙඩි තැබීම නිසා මියගිය වැලපෙන්නන්ගේ සංකයාව 12 ක් බව වාර්තා වේ.


මෙයට සිය විරෝදය පල කිරීමක් ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජෙෂ්ට මුස්ලිම් දේවගැතිවරයකු තම තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

මෙම සිකුරාදා ලේ වැගිරීම සිදුවුයේ ජනාදිපති බසේර් අල් අසාද් ජාත්‍යන්තරයේ පිළිකුලට හේතුවූ හදිසි නිතිය ඉවත් කරගෙන දිනකට පසුවය.

ගිය මාසයේ මෙදපෙරදිග ඇතිවූ අස්ථාවර බව නිසා මියගිය සංකයාව අවම වශයෙන් 280 ක් වූ බව වාර්තා වෙයි.

බි බි සි ඇසුරෙන්
- හර්ෂි -