අද්‍යාපනය කඩාකප්පල්වීමට ඉඩහැරීම වහල් නිදහසේ අඩිතාලමයි.

2010 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද නිකුත් වූ අතර විභාගයට පෙනී සිටි 310642ක් වන සිසුගෙන් සියයට 62 ක් එනම් සිසුහු 195112 ක් උසස් පෙළ විභාගයට සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. එයින් විෂයයන් නවයටම ‘එ්’සාමාර්ථය ලබා ගත් සිසුන් සිසුහු 3059 දෙනෙක් සිටින අතර විෂයන් නවයම අසමත් වූ සංඛ්‍යාව 14961 ක් බවද විභාග දෙපාර්තමේන්තුව කියයි. සිසුන්ගෙන් 61.61% දෙනෙක් ගණිතයද 59.80% දෙනෙක් විද්‍යාවද 41.41% දෙනෙක් ඉංග‍්‍රීසියද සමත් වී තිබේ.

ඉහත පුවත ඉස්මතු කරන බයානකම සමාජ ප්‍රශ්නයනම් විබාගය අසමත් වූ සිසුන් 15000 දෙනාගේ ඉරණමයි. නැතිනම් අනාගත පරපුරේ ඉරණමයි. අවාසනාවට ඔවුන් ගැන කතා කිරීමට කිසිවෙක් නැත. අද්යාපනය කඩාකප්පල් වීම තුලින් වහල් නිදහසක් නිර්මාණය කරයි.

පහත උපුටා දැක්වෙන්නේ ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානයෙන් කල උපුටා ගැනීමකි.

"නුබ කල්ලෙකුට අගලක් දුන්නොත් ඔහු අගල් 45 ක් ගන්නවා. කල්ලන්ට උගන්නන ඕනේ සුවමියාට කීකරු වෙන්න. සුවාමියා කියන දේ ඔහු කල යුතුයි. ඉගැන්වීමෙන් ලෝකේ ඉන්න හොදම කල්ලව නරක්‌ කරනවා. ඔහු ප්‍රකාශ කල ආකාරයට දැන් උබ මේ කල්ලට කියවීමට ඉගැන්වුවහොත් තව දුරටත් ඔහුව තබා ගන්න බැහැ. ඔහුට එවිට සැමදාම කල්ලකුව සිටීමට නොහැකි වෙනවා. ඔහුව පාලනය කරන්න බැරි වෙනවා. ඔහු තමන්ගේ සුවමියාට වටිනාකමක් දෙන්නේ නැහැ."

තමන්ගේ අයිතිවාසිකම් දැන ගෙන නිදහස්ව ගරුත්වයකින් යුතුව ජීවත්වීමට ඉගෙනීම ව්ශාල පිටුවහලක් වෙනවා. නමුත් පාලකයින් කැමතියි තමන්ගේ ජනතාව ප්‍රශ්න නොකරන විවේචනය නොකරන පිරිසක් විදියට දිගටම තියා ගන්න. එය ඔවුන්ගේ බලය සහ දනය සහ ඥාති සංග්‍රහය පවත්වා ගැනීමටත් විශාල රුකුලක්.

මේ තත්වය වෙනස් කිරීමට ජනතාව අද්යාපන අයිතිය රැක ගැනීමට ඒ සදහා අය වැයෙන් සැලකිය යුතු මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීමට හඩක් නැගිය යුතු කාලය එලබ ඇත.

හර්ෂි සි. පෙරේරා