පුංචි ඡන්දේදි මර්වින් "පුංචි" භිෂණයක

කැළණිය ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන ෂෙහන් ජයවර්ධන මහතාගේ සිංහාරමුල්ල ප‍්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාලයට අද (17* පෙරවරුවේ මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා සමඟ ආයුද සන්නද්ධව පැමිණ මැර පිරිසක්, එම කාර්යාලයේ බඩු මුට්ටු විනාශ කර, කටවුට් සහ සැරසිලි කපා දමා ගොස් ඇත.

ජයවර්ධන මහතා මේ පිළිබඳ කැළණිය පොලිසියට පැමිණිලි කර ඇත. ඔහුගේ නිවස පිහිටා තිබෙන්නේත් පොලිසියට මීටර් 100 ක් පමණ ආසන්නයේය.

එජාපයේ කැළණි ප‍්‍රාදේශීය සභාවට තරඟ කරන, මනෝජ් පෙරේරා ට සහ සුමංගල සමරවීර යන මහත්වරුන්ට ද, අමාත්‍ය සිල්වා මහතාගේ මැරයන් විසින් පහරදීම් කළ බව ඔවුහු පවසති.

කැළණිය ඡුන්ද මධ්‍යස්ථානයක් දවල් 12 වන විට ඡුන්ද 60 ක් පමණක් දමා තිබූ බවත්, විශේෂයෙන් එකසත් ජනතා නිදහස් සන්ධානයට සහාය දෙන ඡුන්ද දායකයින්ට මෙම මැතිවරණයේදී ඡුන්දය පාවිච්චි කරන ප‍්‍රතිශතය බෙහෙවින් අඩු බවත් ප‍්‍රදේශවාසීන් අප සමඟ පැවසීය.