කතු වැකිය : රටේ ඇති ප්‍රධානම ප්‍රශ්නය

වරක් සන්ඩේ ලීඩර් කතුවරිය තමන්ට අදාලව නඩුවක් විභාගය වූ අවස්ථාවේදී ඒ පිළිබඳව එක්තරා පුවත් පතක් වාර්තා කළ අකාරය ගැන උරණ වී ලියු කතු වැකියේදී සඳහන් කළේ ලංකාවේ මිනිසුන් සල්ලි වලට බොරු මිලදී ගන්නා බවයි. කතාවේ අඩු ලුහුඩු කම් තිබුණත් සමස්තයක් ලෙස කතාව ඇත්තය. ලංකාවේ මාධ්‍ය කලාවම වණයක් කොට ඇත. එහි ඇත්තේ මාධ්‍ය වේදීන් නොව එක් එක්කෙනාගේ රෙදි සෝදා යම් කිසි ලාබ උපයන පිරිසකි. මොවුහු රටේ ගැටලු වලට එහා ගිය තමන්ගේ ගැටලු ගැන අනියමින් කතා කරන ආකාරයක් හැරෙන්නට දුක් පීඩා විඳින මිනිසුන් ගැන කතා නොකරති. මේ නිසා කලින් කලට මොවුන්ගේ අවධානය අමතර ආදායමක් සොයා ගත හැකි දෙසට මිස වෙනත් දෙයක් කෙරෙහි යොමු වන්නේ නැත. දිවයිනේ පුවත්පතේ කටයුතු කරන එක්තරා මාධ්‍යවේදියෙක් තම පුවපතේ සිටි අයටම මරණීය තර්ජනය කළ අවස්ථා ගැන සඳහන් වේ. මේවායෙහි පවතින පුද්ගලික ආරවුල් ගැන නිමක් නැතුව සඳහන් කළ හැකි වුනත් කමකට නැත.

මේ දින වල රටේ ඇති ලොකුම ගැටලුව මාධ්‍යට අනුවනම්, එළඹෙන පළාත් සභා මැතිවරණයය. නමුත් ජනතාවට අනුවනම් ඉහළ යන බඩු මිලය. ජනතාවගේ මානසික අතතියය. පවුලක බර දැරීම වූකලී ඉතා සංකීරණ කටයුත්තකි. එය විමල් වීරවංශ, මර්වින් සිල්වා වැනි තමන්ගේ පුද්ගලික වාසිය උදෙසා මෝඩ කතා දොඩවන ජෝකර්වරුන් විසින් හාස්‍ය ජනක දෙයක් ලෙස සලකන කටයුත්තකි. එසේනම් මෙවැනි ගැටලුවක් පිළිබඳව කතා කිරීමේදී කාඩ් කුට්ටම සෙල්ලම් කිරීමට පෙර එහි ජෝකර් වරුන් අයින් කරන්නා සේ ඉහත ජෝකර් වරුන්ද අයින් කිරීම පුර්ව වැදගත් අත්‍යවශය කාරණයකි. කෙසේ වෙතත් ලංකාවේ මාධ්‍ය විශේෂයෙන් සිංහල මාධ්‍ය ගෙන යන ඉතා පහත් වැඩ පිළිවෙල ඉතා කණගාටුදායක වේ. රටක දේශපාලනඥයින්ගේ ප්‍රචාර කටයුතු සඳහා මෙන්ම ඔවුන්ගේ ප්‍රතිරූපය සඳහා රටක කාලය කා දමන එකම රට ශ්‍රී ලංකාව බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවැනි කටයුතු වෙනත් රට වලට ඉතා පහත් මට්ටමේ ශෝක ජනක විහිලුය. මේවාට ඉඩකඩ නැත.

මෙහිදී අවබෝධ කර ගත යුත්තේ මේ තරම් මට්ටමේත් කටයුතු කරද්දී ඊට පොදු ජන විරෝධයක් නොමැත්තේ මන්ද යන්නයි. මැකියාවෙලිට අනුව එය අපි මෙසේ කියමු, එනම් ඔබ කොතරම් යහපත් ඇත්තෙකු වුනත්, අයහපත් මිනිසුන් රැසක් සිටින තැන තනි යහපත් ඔබට යටත් වීම හෝ අයහපත ආරෝපණය කර ගැනීම හැර කිසිවක් කළ නොහැකිය. නමුත් එල් සැල්වදෝරයේ සිටි යුදෙව් පියනමක් වන මාර්ටින් අල් බාරෝට අනුව, ඔබට සමාජයේ පොදු හැඟීම ඝාතනය කළ හැකිනම් ජනතාවගේ නැගිටීමක් බලාපොරොත්තු වීම දවල් සිහින්නයක් පමණි. ලංකාවට සිදු වී ඇත්තේ නායකයින් වෙනුවට චන්ඩින් කරලියට පැන සම්පුර්ණ පද්ධතියම විනාශ කිරීමය. එය වැරදි බව දන්නා නමුත් ඊට විරුද්ධ නොවන්නේ පණ බේරා ගැනීමට මිස බිය නිසා නොවේ. අපට ඇති ගැටලුව වන්නේ එයයි. නාමල් රාජපක්ෂ වැනි තරුණ ගැටවුන් අවබෝධ කර ගත යුත්තේද එයය. හෙතම ඊයේ පළාත් සභා මැති වරණයට නාමයෝජනා දුන් අයට උපදෙස් මාලාවක් දුන්නේය. සැබවින්ම එකී උපදෙස් දීමට ඔහුට ඇති එක සුදුසුකම වෙන කිසිවක් නොව තමන්ගේ පියා ජනාධිපති වීමය. ඒ හැරෙන්නට නාමල් කියා අයෙක් කිසිවෙකු දන්නෙවත් නැත. ලංකාවේ තත්වය මෙයයි. මෙරට මාධ්‍ය විසිහතර පැයේ රඟ දැක්වෙන භූමිකාවේ ඇත්ත මෙයයි. ලංකාව; ටියුනිශියාවක් වීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇත.


Tell a Friend