ධිවරයින් මරාදැමිම පිළිබදව නිරුපමා රාඔ සහ කොළඔ අතර සාකචිඡා

 ඉන්දීය විදේශ ලේකමිවරිය නිරුපමා රාඔි සෙනසුරාදා කොළඔට පැමිණිමට නියමිතය. ගිය මාසයේ ඉන්දිය ධිවරයින් මරාදැමිම පිළිබදව ඇය ලංකා ආණ්ඩුව සමග සාකචිඡුා කරනු ඇත. මෙි පිළිබද චොදනා එල්ල වි ඇත්තේ ශ‍්‍රී ලංකා නාවික හමුදාවටය.
අදාල අංශයන් වාර්තා කරන අන්දමට මෙම පියවර ගන්නැයි නිරුපමා රාඔිට දන්වා ඇත්තේ බාහිර කටයුතු ඇමති එස්. එමි. ක‍්‍රීෂ්ණා විසිනි. මාසයක් තුළ් ඉන්දිය ධිවරයින් දෙදෙනෙකු ඝාතනය කිරිම තමිිල්නාඩුව තුළ දේශපාලනික වශයේ දැඩි සංවෙිදිතාවක් ඇතිි කිරිමට හේතුවි ඇත. නමුත් ලංකා ආණ්ඩුව මෙි සමිබන්ධයෙන් නාවික හමුදාවෙි මැදිහත්විම ප‍්‍රතික්ෂේප කරයි.
ඉන්දියාව මෙම තත්වය ඉතා බරපතල එමෙන්ම පිළිගත නොහැකි දෙයක් ලෙස සලකයි. එය යුක්තිසහගත කළ නොහැකි අතර මෙි ක‍්‍රීයාවන් වලට තම බලය යෙදවිමෙන් ශ‍්‍රී ලංකාවෙි ආරක්ෂක අංශ වැළකි සිටියයුතු බවද ඉන්දියාව තිරයේ කියා සිටියි.

ජනවාරි 22 කොඩියකාරයි වෙරළේ මසුන් මැරිමෙි නිරතව සිටි ධිවරයෙක් මරා දැමුනු අතර තවත් ධිවරයින් දෙදෙනෙක් තුවාල ලැබිය. ධිවර දෙපාර්ථමෙින්තුව ලංකාවෙි නාවික භටයිින්ට චොදනා කරන්නේ ඔවුන් මෙම ධිවරයාගේ බෙල්ලට ලනුවක් දමා වතුරට ඇද දැමිමෙන් පසුව මෙම මරණය සිදුවු බවයි.

ජනවාරි 12 දින තවත් ඉන්දිය ධිවරයකු පෝක් සමුදු සන්ධියේදි වෙඩි තබා මරා දැමිමෙි චොදනාවද එල්ල වි ඇත්තේ ශ‍්‍රී ලංකා නාවික හමුදාවටයි. ශ‍්‍රි ලංකා නාවික හමුදාවෙි වෙඩි තැබිමට ලක්වු මියගිය ධිවරයා සහ අනෙක් ධිවරයින් දෙදෙනා පුඩුකොටායි හි ජාගාඩපාටනමි අසලින් මුහුදට පිවිස ඇත.

ද හින්දු ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා