පොලිස්පති ශ්‍රේෂ්ඨධිකරණයට

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම චෝදනාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය අද (28* පොලිස්පතිට නොතීසි නිකුත් කළේය. වැඩ තහනමට ලක්ව සිටින අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නොතීසි නිකුත් කරනු ලැබීය.