පොලිස් බල්ලෝ

ආණමඩුව පොලිසියේ සිව් දෙනෙකු පහරදී සපා කෑමට ලක්වූ බව කියන තරුණයෙක් නිකවැරටිය රෝහලට ඇතුළත් කර ලැබ සිටියි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ නවගත්තේගම කෝන්කඩවල පදිංචි ලලිත් කුමාර මහතාය. ඔහු වැලි ට‍්‍රැක්ටරයක රියැදුරෙකි. ඔහුට පහරදුන් බවට පුත්තලම සහකාර පොලිස් අධිකාරි එස්. එස්. වික‍්‍රමසූරිය මහතාට පැමිණිලිකර ඇත.

මෙම ප‍්‍රහාරය හෙළා දකිමින් ගම් වැසියෝ නව ගත්තේගම හන්දියේදී උද්ඝෝෂණයක නිරතවූහ.