‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවි කාර්යාලයට ගිනි තබයි

කිසියම් නාඳුනන පිරිසක් එහි දොරවල් කඩා ඇතුළු වී මාලඹේ පිහිටි තම කාර්යාලයට ගිනිතබා විනාශ කර ඇතැයි 'ලංකා ඊ නිව්ස්" වෙබ් අඩවියේ ප‍්‍රවෘත්ති කර්තෘ බෙනට් රූබසිංහ මහතා අප වෙත පැවසීය. අද (31) පාන්දර 1.30 - 2.30ත් අතර මේ සිදුවීම සිදුවී ඇති බවත්, මෙයින් මුළු කාර්යාලයම විනාශ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

පාන්දර 1.00 පමණ කිසියම් පුද්ගලයෙකු තමාට කතා කර මරණීය තර්ජන සිදු කළ බවත්, සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ‘කඬේ යන’ තොපිව මරා දමන බවටත්, කාර්යාලය ගිනි තබන බවටත් ප‍්‍රකාශ කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අප වෙත වාර්තා වන පරිදි අවට ප‍්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ගිනි නිවීමට කටයුතු කරමින් සිටී.

ශ‍්‍රී ලංකාව තුළ සහ විදේශයන්හි ශ‍්‍රී ලාංකිකයන් අතර අතිශයින් ජනප‍්‍රිය ‘ලංකාඊනිව්ස්’ වෙබ් අඩවිය ආණ්ඩුව මෙන්ම විපක්‍ෂයද දැඩි ලෙස විවේචනයට ලක් කළ වෙබ් අඩවියකි.

 
 
 
 

Tell a Friend