රාජපක්ෂ මේවනවිට මුහුණ දෙන එකම අවුල වී ඇත්තේ යථාර්තයට මුහුණ දීමට පවතින තත්වය ඔහුව තල්ලු කොට තිබීමයි. ඒ පමණක් නොව ඒ තුළ ඔහු අසමතෙකු වීමයි. අනුන්ගේ කර මතින් ගිය ගමන තමන්ගේ ශක්තියෙන් යෑමට සිදු වීමත් එය තුළ තමන් අදක්ෂයෙකු වී ඇති බව තමාටම තේරීමත් නිසා නැති පුහු මානයක් පෙන්නාගෙන නාඩකම් නැටූ නායකයින් ඉතිහාසයේ අඩු නැත. රාජපක්ෂ එහිම ප්‍රතිබිම්බයක් මිස වෙන කිසිවක් නොවේ.
නිලන්ත ඉලංගමුව
ජනාධිපති මහින්ද රාජපක්ෂ තවත් එක් හෝ තීරණයක් ගැනීමට පෙර වහාම කළ යුත්තේ තමන්ගේ හූනියම් මෙන්ටලිය පැත්තකට දමා පිළිගත් අධ්‍යාපනයක් සහිත මෙන්ම වෙදකම හරි හැටි දන්නා මානසික වෛද්‍ය වරයෙකු ලවා ක්‍රමවත් ප්‍රතිකාර ගැනීමය. රාජපක්ෂ පසුගිය අවස්ථා කිහිපයේදීම හැසිරුණු අකාරයෙන් ඔහුගේ මානසික රෝගී තත්වය ඔහුගේ දේශපාලනය ගැන මැදිහත්ව දකින ඕනෑම අයෙකුට සක් සුදක් සේ පැහැදිලිව දක්නට ලැබේ. ඔහුගේ දෙවන පදවි ප්‍රාප්තිය යයි කියමින් කොළඹ කුණු ගොඩවල් පිරවූ මහා කිරිබතේ පටන් නැටු නාඩකමේ සිට අද දක්වා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් කොන් වෙමින් පවතින අතර මෙරට ජාතික කොඩිය මුද්‍රණය කිරීමේ සිට වෙළඳ පොලේ ඇති ශත පහේ පටන් සූරා කන චීනය ගැන දක්වන අන්ධ භක්තියක් හැරෙන්නට වෙන කිසිවක් රාජපක්ෂ ක්‍රමය තුළ නැත. එසේම රටේ ප්‍රශ්න විසඳීමට රාජපක්ෂ මාන බලන්නේ මීට සති කිහිපයකට පෙර මෙම ලියුම් කරු සඳහන් කළ ආකාරයෙන් තුල්හිරිය ප්‍රදේශයේදී එක්තරා අදුෂ්‍ය මාන බලවේග ගැන විස්වාශය තබා සිටි අයෙක් එක් දැරිවියකගේ හදවත් රෝගය සුව කිරීමට යයි කියමින් ඇගේ යටි බඩ කොට්ටයක් තබා පැගීම හා සමාන ස්වරූපයකිනි. රාජපක්ෂට ඇත්තේ මහින්ද චින්තන මහා ආර්ථික සංවර්ධන සංග්‍රාමය යැයි කියමින් සල්ලි අච්චු ගැසීමත් සිංහලයින් ජාතිවාදී බමුණන් බවට පත් කිරීමත් පමණි.
මෙවර රාජපක්ෂ ලෝකය හමුවේ පාච්චල් වීමෙන් පසු හොරෙන් පැනවිත් තවත් කටයුත්තක් කොට ඇත. ඒ මෙරට ජාතික ගීය සිංහලෙන් පමණක් භාවිත කොට එහි දෙමළ පරිවර්තනය අහෝසි කිරීමය. එය ජාතිවාදය ඇවිස්සීම තමන්ගේ බඩ වියත රැක ගැනීමේ එකම උපාය කරගෙන සිටින විමල් වීරවංශ වැනි අයවලුන්ගේ ප්‍රසාදයට හේතු වී ඇති නමුත් රාජපක්ෂගේ කැබිනෙට්ටුවේ සිටින මොළේ කළඳක් හෝ ඇති ඇතැම් පිරිස්ගේ කනස්සල්ලට හේතු වූ බව මාධ්‍ය වාර්තා කළේය. එසේම ස්වං ප්‍රකාශිත දේශපාලන න්‍යායාචාර්ය වරයෙකු වී සිටින ගුණදාස අමරසේකර මහතාද ඊට ප්‍රසාදය පල කොට ඇත. ඔහු විසින් අද නිකුත් කොට ඇති නිවේදනයට අනුව, "මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් අපගේ ජාතික ගීය සිංහලෙන් පමණක් පැවතිය යුතුය යනුවෙන් ගන්නා ලද තීරණය දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ඉමහත් සේ අගය කරයි. මේ ව්‍යවස්ථාකූල ක්‍රියාමාර්ගය නොබියව ගැනීම ගැන අපගේ ඉමහත් ප්‍රසාදය එතුමාට හිමිවේ. ජාතික ගීයට දෙමළ අනුවාදයක් රිංගවන ලද්දේ අනාගත බෙදුනු ලංකාවක් අපේක්ෂා කළ කොටි හිතවාදීන් විසින් බව රහසකත් නොවේ." ( දේශ හිතෛෂී නමැති සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය - දෙසැම්බර් 13 ) යැයි සඳහන් කොට තිබේ. ගුණදාස අමරසේකරගේ ගුණහීන මොළය ගැන හෝ ඔහුගේ මෙම සිංහල ජාතිය බේරා ගැනීමේ මහා ව්‍යායාමය ගැන කතා කිරීම මෙහිදී කිසිඳු වැදගැම්මකට ඇති දෙයක් නොවේ. මන්ද යම් කිසි ගර්භාෂයක් තුළ ඇතිවන කළලය විෂබීජයක් හේතුවෙන් කුණු වූ පසු එම ගර්භාෂය අයිති මව බේරා ගැනීම සඳහා කළ යුත්තේ අදාළ කළලය සම්පුර්ණයෙන්ම ඉවත් කොට ගර්භාෂය ශෝධනය මිස ඉන් එහි කුණු වුණු එක් ශෛලයක් විනාශ කොට සැත්කම අහවර කිරීම නොවේ. ගුණදාස අමරසේකරගේ සිංහල හින්දු බමුණු දේශපාලනය වූ කලී කුණු වුණු කලලයක කුණු වූ එක් සියුම් ශෛලයක් පමණි. අමරසේකරගේ මෙන්ම වීරවංශගේද සේම රාජපක්ෂගේ දේශපාලන පැවැත්ම ඇත්තේ මෙකි සිංහල හින්දු බමුණු මතවාදය තුළ මිස වෙන කිසි තැනක නොවේ. එය අලංකාර කිරීම සඳහා ඔවුහු කොටි පුල්ලි, නොර්වේ සුදු කොටි, එන්ජිඔ නඩ වැනි වාග් මාලාවන් සිංහල සමාජය තුළ ආදරවන්තයින් වීම සඳහා භාවිත කරති. එකී කුණු වූවන් සමාජයට තිළිණ කළ දෑ වල විපාකය මේ වන විට අපි භුක්ති විඳින්නෙමු. එකසත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිටත්, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටත් රඟ දැක් එකී මෝඩ චූන් වීදි නාට්‍යයේ කොටස් කිහිපයක් පමණි. මොවුහු නිසා කොටි සංවිධානය පරාජය වූවා යැයි කීම තබා සිහිනයකින්දු සිතීමම හාස්‍ය ජනකය.
නමුත් සිතා බැලිය යුත්තේ රාජපක්ෂ මෙවැනි තීරණයක් හදිසියේ ගත්තේ කුමකටද යන්නයි. එය තුළ රටට ආදරයක් හෝ ජාතික කැක්කුමක් තිබේ යැයි කෙනෙකු සිතුව හොත් එය මුලාවක් මිස වෙන කිසිවක් නොවේ. සැබවින්ම මානසික රෝගියෙකුගේ ලක්ෂණ සියල්ලම පෙන්නුම් කරමින් සිටින රාජපක්ෂ මෙකි තීරණයෙන් බලා පොරොත්තු වන්නේ ජන කොටස් අතර නැති ප්‍රශ්න ඇති කිරීමට මිස වෙන කිසිවෙකට නොවේ. රාජපක්ෂ මේවනවිට මුහුණ දෙන එකම අවුල වී ඇත්තේ යථාර්තයට මුහුණ දීමට පවතින තත්වය ඔහුව තල්ලු කොට තිබීමයි. ඒ පමණක් නොව ඒ තුළ ඔහු අසමතෙකු වීමයි. අනුන්ගේ කර මතින් ගිය ගමන තමන්ගේ ශක්තියෙන් යෑමට සිදු වීමත් එය තුළ තමන් අදක්ෂයෙකු වී ඇති බව තමාටම තේරීමත් නිසා නැති පුහු මානයක් පෙන්නාගෙන නාඩකම් නැටූ නායකයින් ඉතිහාසයේ අඩු නැත. රාජපක්ෂ එහිම ප්‍රතිබිම්බයක් මිස වෙන කිසිවක් නොවේ.
රාජපක්ෂගේ පැවැත්ම සඳහා ඇති එකම විකල්පය වී ඇත්තේ සිංහල අන්තවාදී බමුණු මානසිකත්වයක් ( මෙන්ටලියක් ) සමස්ත සිංහලයින් පුරා ව්‍යාප්ත කොට ඔහුට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඇති වී ඇති විරෝධය වෙනතකට පෙරලීමය. ඔහු මේ වනවිට නොනිල මට්ටමේ අපරාධ කාරයෙකු වී සිටියි. එසේම යම් කිසි දිනෙක ඔහු විශ්‍රාම ගියහොත් ඔහුව අධිකරණයකට දැක්කිමේ සම්බවිතාවය අඩු නැත. මේ නිසා ඔහු අල්ලස් දී තමන්ගේ කූඩුවල ගාල් කරගත් අය වලුන් මාර්ගයෙන් තවත් ව්‍යවස්ථා සංශෝධනයකට ගොස් මැරෙන තුරාවටම තමන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසිවෙකුට නොහැකිය වැනි අරුම පුදුම සශෝධන වලට යාමේ ඉඩකඩ අඩු නැත. මේ වන විට රාජපක්ෂ සොයමින් සිටින්නේ තමන්ගේ පැවැත්ම සහතික කර ගැනීමේ අවකාශය මිස වෙන කිසිවක් නොවේ. එය කළ හැක්කේ සමාජයේ අවධානය වෙනතකට යොමු කොට ඉන් තමාට විරුද්ධව ගොඩ නැගෙමින් ඇති මතවාදය නිහඬ කිරීමය. පසුගිය වසර පහ තුළදී එනම් ඔහු ජනාධිපති වූ පසු සිදු කළේ එවැනිම දේශපාලන ගුණ්ඩු අත්හදා බැලීමය. තමාට එරෙහිව ගොඩ නැගෙන තත්වයක් වෙනත් අයෙකුට හරවා යවා ඔහු හෝ ඇය එහි බිල්ලක් කිරීම රාජපක්ෂගේ දේශපාලනය වේ. දේශපාලනය යැයි රාජපක්ෂ අත්පොත් තැබුවේ එවැනි රාමුවකට මිස යහපාලනයක්, සියල්ලන්ටම පොදු මුලික නීතියක්, පොදු නිදහසක් හෝ සමානාත්මතාවයක් ඇති රාමුවකට නොවේ.
මෙම අවසථාව රටේ පොදු විපක්ෂ විසින් සහ අනෙකුත් දේශපාලන කණඩායම් විසින් ඉතා සියුම්ව අවබෝධ කර ගත යුතුව තිබේ. එසේම ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වරයා මීට සති කිහිපයකට පෙර මෙරට හදිසි නිතිය සහ ත්‍රස්ත විරෝධී පනත තවමත් ක්‍රියාත්මක කිරීම සඳහා හේතුව ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ සන්ධානය යැයි ප්‍රකාශ කිරීමේ සැබෑ හේතුන් තවත් කෙටි කලකින් අවබෝධ වනු ඇත. කොටි සංවිධානය පරාජය වීම සමස්ත රටට යහපත් වුවද එය රාජපක්ෂට ගැටලුවක් වී ඇති අයුරු තේරුම් ගැනීමට වැඩි කල් නොයනු ඇත. ජාතික ගීය වූ කලී සමස්ත රාජ්‍යක සංකේතයක් මිස එහි වෙසෙන බහුතරය හෝ වෙනත් එක් ප්රජාවකගේ අනන්‍යතාවය තහවුරු කරන්නක් නොවේ. නමුත් මෙවැනි සියුම් කාරණා අසමත් කපටින්ට තමන්ගේ රැකවරණය වෙනුවෙන් භාවිතා කළ හැකිය. රාජපක්ෂ මේ දක්වා ලකුණු දමා ගැනීමට දෙමළ කටපාඩම් කොට ජාතික සමඟිය ගැන පට්ට පල් බොරු කීමේ නිරුවත දැන් පැහැදිලිය. මේ කිසිවෙකුට තමන්ගේ පුද්ගලික වාසි වලින් එහා ගිය මුලික නීතියක් ඇති ස්ථිරසාර සාමයක් සහිත සමාජ ක්‍රමයක් තැනීමේ කිසිඳු වුවමනාවක් නැත.
Post a Comment