ඔක්ස්ෆර්ඩ් සංචාරයේ සැඟවුණු තොරතුරු

තමන් තමන්ටම හිනා වීම : පරාජිතයා ජයග්‍රාහකයෙකු කිරීම කිරීම නොහොත්  ලාංකීය දේශපාලනයේ වෙස් මුහුණ
සිසුන් 08 දෙනෙකුගෙන් යුත් කල්ලියකගේ වැඩක්

මහා කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රීලනිපය බ්‍රිතාන්‍ය ශාකව සංචාරය විරුද්ධ වෙලා

ශ්‍රී ලංකා ගාර්ඩියන් ලන්ඩන් වාර්තා කරු විසිනි

මම දන්නා පරිදි ජනාධිපතිවරයාට තමන්ගේ සංචාරය නොකරන්න යැයි බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා තිබුණි. ඔවුන් ජනාධිපතිවරයා තම ගමන ආරම්භ කරණ අවස්තාවේ සිටම විරුද්ධ වූවා පමණක් නොව ඒ ගැන දැනුම් දීමද කළහ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බ්‍රිතාන්‍ය ශාඛාවද ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාට මේ ගමන නොඑන ලෙසයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විවිධ ශිෂ්‍ය සංගම් තිබේ. විවිධ රටවලින් පැමිණි එනම් බංගලාදේශ , තුර්කි , චීන, ඉන්දීය ආදී රටවල ශිෂ්‍ය කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. ඔවුහු වාර්ෂික උත්සව සංවිධානය කරණ අතර ඒවාට තම තමන්ගේ රට වල වෙසෙන ප්‍රධාන පෙලේ අය වලුන්ට පැමිණෙන්න යැයි ආරාධනා කරති. නමුත් කුමක් සංවිධානය කළද එය කුමක්දැයි අදාළ සිසු කණ්ඩායම විසින් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට දැනුම් දිය යුතුය. එවිට විශ්ව විද්‍යාලය ශිෂ්‍ය සංගමයේ ලේකම් වරයාගේ අත්සන සහිත කාර්යාල ලිපි පාවිච්චි කළ හැකිය. ලංකාවේ සිසුන්ටද එලෙස තනාගත් කණඩායමක් තිබේ. ඔවුන් ඊට ඔක්ස්ෆර්ඩ් සංගමය යැයි කියති. ඊට සිසුන් 16 දෙනෙක් අඩංගුය ඔවුහු සියලුම දෙනා සිංහලයන් වෙති. දෙමළ ළමුන් කිසිවෙකු අදාල කිසිවකට සම්බන්ධ නැත. එසේම මෙම 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමද 8 දෙනා බැගින් බෙදී සිටිති. ඉන් එකක නායකයා ලෙස ඩිලාන් පෙරේරා නැමැත්තෙක් කටයුතු කරයි. ජනාධිපතිවරයාට කතාවක් සඳහා ආරාධනා පත්‍රය ඒවා ඇත්තේ එකී ඩිලාන් පෙරේරා නමැත්තා විසිනි.

ඔක්ස්ෆර්ඩ් සංගමය යනු අපි ඉහත කතා කළ සිසු කණ්ඩායම් වලින් සම්පුර්ණයෙන්ම වෙනස් වුවකි. එය විශ්ව විද්‍යාලයේ පිළිගත් සංගමය වේ. එහි කමිටු සමජිකත්වයවත් ලංකාවේ සිසුවෙකුට නැත. නමුත් මීට පෙර බණඩාරනායක, ලලිත් ඇතුලත්මුදලි වැනි මහත් වරුන් මෙකි ඔක්ස්ෆර්ඩ් සංගමය නියෝජනය කළ අය වෙති.

නමුත් ආණ්ඩුව අදාල ආරාධනා පත්‍රය ලැබීමෙන් පසු කියා සිටියේ තම ජනාධිපති වරයාට ඔක්ස්ෆර්ඩ් සංගමය ආරාධනා කළ බවයි. එය සම්පුර්ණයෙන්ම වැරදි ප්‍රකාශයකි. එසේම ජනාධිපති ලේඛම් ලලිත් වීරතුංග ජනාධිපතිවරයාට මේ ලෙස ආරාධනා කිරීම ඉතා හොඳ දෙයක් බවත් ඉන් විදේශිකයින්ට රට ගැන තේරුම් කර දිය හැකි බවත් රුපවාහිනියේ ප්‍රකාශකරණ ආකාරය දකන්ට ලැබුණි. නමුත් මෙවැනි දේශනා පැවති සෑම විටම මෙරට සිටින අයවලුන් ගොස් එහි අසුන් පිරවිය යුතුය. විදේශිකයින් මේ කිසිවකට කැමැත්තක් නොදක්වති.

ඔක්ස්ෆර්ඩ් සරසවිය යනු කුඩා ප්‍රදේශයකි. ඊට ආරක්ෂාව සැපයීමට විශාල පොලිස් බලඇණියක් නැත. වෙනත් තැනකින් ආරක්ෂාව සඳහා පිරිස් ගෙන ඒම දරුණු ලෙස වියදම් දැරීමට සිදු වන දෙයකි. එසේම ජනාධිපතිවරයාගේ සංචාරය එරට නිල ආරාධනයක් මත ගිය එකක්ද නොවේ. එසේ වූ විට ආරක්ෂාව සඳහා විශේෂ ක්‍රම භාවිත කළ නොහැකිය. එවිට දෙමළ ජනතාව දහස් ගණන් ඇදෙන බව දැන ගත්තොත් සිදු වන්නේ වහාම අදාල කටයුතු අවලංගු කිරීමට අණ දීමයි.

එසේම මෙරට වෙසෙන දෙමළ ජනතාව සුළු රැකියා වල නිරත වුවද විරෝධතා දැක්වීම සඳහා කොටි සංවිධානයේ කොඩි ආදිය ඕනෑම වෙලාවක අතෙහි තියාගෙන සිටිති. එසේම වන්නියේදී යුධ පුහුණුව ලැබූ විශාල පිරිසක් මෙරට සේවය කරති. ජනාධිපති වරයා මෙවැනි සිසුන් පිරිසක් ඇමතීම කළ යුතුව තිබුණේ චන්ද්‍රිකා තාක්ෂණය මාර්ගයෙනි. මන්ද ඔහු ඒ සඳහා මෙහි පැමිණීම අනිවාර්ය නොවන හෙයිනි. එසේම මෙරට සමඟ ඔහුට වෙළඳ ගනුදෙනු නැත. නමුත් ඔහු පුලුවන්නම් අල්ලා ගනිල්ලා යැයි පෙන්නීමට මෙන් මෙහි පැමිණ සිදු කර ගත්තේ මර්වින් සිල්වා ලංකාවේ මිනිසුන් ඉදිරියේ කරණ දේ මෙහි දෙමළ ජනතාව ඉදිරියේ කිරීමට ගොස් අසමත් වී ලජ්ජාවට පත් වීමකි.

Tell a Friend