රාජපක්ෂගේ " ඔක්ස්ෆර්ඩ්" මෙහෙයුමට පසුවදනක්


අසුචි කෑමෙන් ඔබ්බට ගොස් හත් පොලේ ගා ගැනීම සහ තමන් අසුචි නොකෑ බව ඒත්තු ගැන්වීම 


දේශපාලන කොලම



තවත් එක් නාඩකමක් නටා අවසන්ය. ඒ තමන් අත්අඩංගුවට ගනීවි යයි බියෙන් හොර රහසේ පැන ආ මෙරට විධායක ජනාධිපතිවරයා පිළි ගැනීම සඳහා නැටූ නාඩකමයි. ඔහු එයින් ප්‍රමොදය ලැබූ ආකාරයයි. මේ වන විට ආණ්ඩුවේ මනෝ භාවය ඉතා පැහැදිලිය. එනම් තවදුරටත් භුමියේ හොඳ හිත දිනා ගැනීම සඳහා කළ යුතුව ඇත්තේ මෙවැනි සෝබන වලින් සහ චන්ඩිකම් වලින් මහ ජනතාව පාලනය කිරීමය යන්න ඔවුන්ගේ පාලන විධික්‍රමය වී තිබේ. පසුගිය සතිය තුළදී රාජපක්ෂගේ විලිලජ්ජාව වසා ගැනීම සඳහා ආණ්ඩුවේ අයවලුන් විසින් ගොතනු ලැබූ බොරු වලින් එය ඉතා පැහැදිලිය. මෙවැනි පිළිකුල් සහගත තත්වයකට පත් වී ඇති ඔවුහුගෙන් තව දුරටත් බලා පොරොත්තු විය හැක්කේ මෙවැනිම මට්ටමේ විලාප හඬ මිස වෙන කිසිවක් නොවේ. එලෙස තිර ගත වූයේ මෙරට නීතියටත් ඉහළ, මොන දේ කළත් උසාවියක් ඉදිරියට ගෙන යාමට නොහැකි පුදගලයකුගේ මෝඩ ක්‍රියා කලාපයය. එවැනි පුද්ගලයෙකුට සහ ඔහුව ප්‍රමෝදයට පත් කළ හැකි පිරිසක් ඉදිරියේ ලංකාව වැටී ඇති තත්වයයි.

එදා වේල පිරිමහ ගැනීමට නොහැකිව ලක්ෂ ගණන් දුක් විඳින රටේ මෙවැනි නාඩකම් නටන මොවුන් සමාන වන්නේ අසුචි තවරා ගත් ඌරන්ට පමණි. ඔවුන්ගෙන් පිටවන දුර්ගන්ධය නිසා කිසිවෙකුත් කිට්ටු වන්නේ නැත . එසේ කිට්ටු නොවීම සහ ඔවුන්ට රිසි සේ නැටීමට ඉඩ දීම ඔවුන් සිතන්නේ වීරත්වයක් කියාය. කතාකිරීමේ නිදහස අහිමි කළේ යැයි මෝඩ තර්කයක් ඉදිරිපත් කළ රාජපක්ෂ සංවිධානය වීමට ඇති නිදහස සහ විරෝධය පල කිරීමට ඇති නිදහස ගැන කතා නොකරයි.

අපේ වැටහීම අනුව රාජපක්ෂ විසින්ම වීරත්වය නමැති පුම්බනු ලැබූ බැලූනයේ හුළං ගොස් බිම ඇදගෙන වැටුණේ රාජපක්ෂ චන්ඩි පාට් පෙන්නීමට ගිය බ්‍රිතාන්‍ය සංචාරයේදීය. සැබවින්ම එය එසේ සිදු වීම ඉතා හොඳය. නමුත් සිදු වූ ලැජ්ජාව වසා ගැනීම සඳහා කොළඹදී පෙන්නන වීරකම් වලින් ප්‍රකාශ වන්නේ අසූචි කෑමෙන් ඔබ්බට ගොස් එය හත් පොලේ ගා ගෙන තමන් එසේ නොකෑ බව ඒත්තු ගැන්නීමට යන්ත දැරීමය. නමුත් ඔවුහු නොදන්නේ , තමන් අසුචි කෑ බවත් හත්පොලේ ගා ගෙන එසේ නොවේ යැයි කියමින් නටන නාඩකම් ජනතාව දන්නා බවය. ලාංකික දේශපාලනඥයා යනු ලංකාවේ " පිළිකුල" සංකේතවත් කරණ මිනිස් ශරීරයක් මිස වෙන කිසිඳු යහපතක් ඊට සමාන නොවේ. කිසිඳු විකල්පයක් නැති අවස්ථාවන් අහුරා ඇති සමාජයක පිළිකුලට ඇති කැමැත්ත නිසා නොව විකල්පයක් නැති කම සහ ඊට විරුද්ධ වීමට ඇති බිය නිසා නිහඬ වීම සමස්ථය තුළින් පෙනී යන ලක්ෂණය වේ. අඩු තරමින් රාජපක්ෂ යනු ශ්‍රී ලංකාව නොවේ යන්න තේරුම් ගැනීමට රාජපක්ෂට ඉදිරි මාස කිහිපයේදී හැකි වුවහොත් දේශපාලනික වශයෙන් සිය දිවි නසා ගැනීමට වඩා අඩු තරමින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පච වන්නෙකු නොවීමට හැකියාව අඩු නැත.
Tell a Friend