ඌරන්ට ඇට වූ විදුලි උගුලේ අඹු සැමි යුවළ පැටලෙති

ඉන්දික පොල්කොටුව

වල් ඌරන්ට ඇටවූ විදුලිය රැහැනක පැටලී ගලහ අන්නාසිවත්ත ප්‍රදේශයේ අඹුසැමි යුවළක් පෙරේදා (8) සවස එතනම මියගොස් ඇත.

එම්. ඩී. සෝමපාල (60) හා ඩී. ඩබ්ලිව්. ජී. කුසුමාවතී (55) යුවළ මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑහ.

සිය නිවසේ සිට හොර රහසේ නීති විරෝධීව ලබා ගත් විදුලිය සබඳතාවක් ඔස්සේ ඇද දමා තිබූ විදුලිය රැහැනක අඹුසැමි යුවළ පැටලී ඉන් මරුමුවට පත්ව ඇතැයි ගලහ පොලීසිය පවසයි. සිය දෙමාපියන් පිළිබඳව පෙරේදා (07) රාත්‍රියේ තොරතුරක් නොමැති වීම හේතුවෙන් දූ දරුවන් ඒ පිළිබඳ සොයා බැලීමේ දී සිද්ධිය දැන පොලිසියට දැනුම් දී ඇත.

ගලහ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අබේකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Tell a Friend