රාජපක්ෂ නියම ප්‍රභාකරන් වෙයි : පාසල් සිසුන්ගේ මොළ සෝදනයට අනිවාර්ය නියෝග

19 දා රාජපක්ෂගේ දේශනය පාසල් සිසුන්ටත් ඇසීමට සහ 22 දා ගුණකථන වැඩසටහන් වලට අනිවාර්ය නියෝග

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක නිකුත් කමින් ඊයේ කියා ඇත්තේ ජනාධිපති රාජපක්ෂ විසින් එළඹෙන 19 දා පැවැත්වීමට නියමිත කතාව ඇසීම සඳහා පාසල් සිසුන්ට අනිවාර්ය කළ යුතු බවයි. එනම් ඔහුගේ කතාව ආණ්ඩුවේ සහ අන්කුත් ඊට හිතවත් විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිත අතර එය සෑම පාසලකම ප්‍රචාරය කළ යුතු බව අදාල විදුහල් පති වරුන්ට අනිවාර්ය නියෝග ලබා දී තිබේ.

එසේම අදාල නිවේදනය මඟින් වැඩි දුරටත් දක්වා ඇත්තේ එළඹෙන 22 දා රාජපක්ෂ ගැන ගුණ කතන වැඩසටහනක් සෑම පාසලකම පැවැත්වෙය යුතු බවයි. මෙය මීට වසර කිහිපයකට පෙර මහා විරු දිනය යැයි කියමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ගෙන ගිය වැඩසටහනේම වර්ධනයකි. Tell a Friend