රජු කතා කරයි: තමන්ගේ ආචාර උපාධිය හැර විශ්විද්‍යාල ගැනත් කියයි

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හුදු දේශීය උගතෙකු වනවාට වඩා ලෝකයම ජයගත හැකි විශ්වීය විද්‍යාර්ථයෙකු වනු දැකීම තම අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉදිකළ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. ශී‍්‍ර ලාංකිකයන්ගේ සහජ දක්ෂතාවයන්ට, ධෛර්යයට සහ නොසැලෙන කැපවීමට ලෝකයේ කිසිවෙකුට අභියෝග කළ නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය.

විශ්ව විද්‍යාලය, අනාගත සංවර්ධිත ශී‍්‍ර ලංකාවේ පර්යේෂණාගාරය බවට පත් කර ගත යුතු බව කී ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට හිමි අච්රය උපාධි ගැන කිසිවක් කතා කළේ නැත.

එසේම විලංගු යුගය අවසන බව කී හෙතම, " බුද්ධිමතුන්ට විලංගු දැමූ යුගය අවසන් කර රටේ විද්‍යාර්ථීන්ට ඉදිරියට යා හැකි මාර්ගයන් වත්මන් රජය සකසා දී තිබෙනවා. සිසුන්ට හා ආචාර්යවරුන්ට කැමැති ඕනෑම මතයක් දැරීමට විශ්ව විද්‍යාල තුළ ඉඩ ප‍්‍රස්ථාව තිබිය යුතුයි", යැයි කියා සිටියේ මීට සති කිහිපයකට පෙර ශිෂ්‍යාවන්ගේ කන්‍යබවය පරික්ෂා කිරීමට සහ බොරු චෝදනා එල්ල කරමින් සිසුන් විශාල පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කළ ආණ්ඩුවට හිතවත් එක්තරා උපකුලපති වරයෙකු පාලනය කරණ අදාල විශ්විද්‍යාල භූමියේ සිට වීම සුවිශේෂී තත්වයකි.
Tell a Friend