විශ්ව විද්‍යාලය, අනාගත සංවර්ධිත ශී‍්‍ර ලංකාවේ පර්යේෂණාගාරය බවට පත් කර ගත යුතු බව කී ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට හිමි අච්රය උපාධි ගැන කිසිවක් කතා කළේ නැත.
එසේම විලංගු යුගය අවසන බව කී හෙතම, " බුද්ධිමතුන්ට විලංගු දැමූ යුගය අවසන් කර රටේ විද්‍යාර්ථීන්ට ඉදිරියට යා හැකි මාර්ගයන් වත්මන් රජය සකසා දී තිබෙනවා. සිසුන්ට හා ආචාර්යවරුන්ට කැමැති ඕනෑම මතයක් දැරීමට විශ්ව විද්‍යාල තුළ ඉඩ ප‍්‍රස්ථාව තිබිය යුතුයි", යැයි කියා සිටියේ මීට සති කිහිපයකට පෙර ශිෂ්‍යාවන්ගේ කන්‍යබවය පරික්ෂා කිරීමට සහ බොරු චෝදනා එල්ල කරමින් සිසුන් විශාල පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කළ ආණ්ඩුවට හිතවත් එක්තරා උපකුලපති වරයෙකු පාලනය කරණ අදාල විශ්විද්‍යාල භූමියේ සිට වීම සුවිශේෂී තත්වයකි.

Post a Comment