පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත් ව්‍යවස්ථාවට අනුකූළලු

පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව කතානායකවරයා හෙවත් ජන්ධිපතිගේ වැඩිමහල් සහෝදරයා, අද (16) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරුණු අතර, අදට නියමිත කතානායකවරයාගේ දැනුම්දීම්වලදී ඔහු මේ සම්බන්ධයෙන් සභාවට ප‍්‍රකාශ කළ බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත් දෙක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පසුගියදා විමසා තිබුණි.ඒ අනුව ඒ ගැන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට දැනුම් දී තිබුණි. Tell a Friend