ලක්ෂයක් වියදම් කොට මස්සිනා මරා දමලා

රුපියල් ලක්ෂයක් වියදම් කොට තමන්ගේ මස්සිනා ඝාතනය කළ බව කියන තරුණයෙ අත් අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය ඊයේ සමත් විය. වාර්තා සඳහන් කරණ අන්දමට අදාල තරුණයා ගල්ගමුවේ පදිංචි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක් ලබා දී ඔහුගේ මස්සිනා වන කුමාරසිංහ මරා දමා ඇත්තේ පසුගිය 31 වැනිදාය. ඝාතනය සඳහා හේතුව වී ඇත්තේ අදාල පුගලය මත පන් වලට ඇබ්බැහි වූවෙකු බවත් ඔහු තමන්ට හිමි නිවාස විකිණීමට සැලසුම් කරමින් සිටිහෙයින්, එසේ වුවහොත් තම සොහොයුරියට සහ ඇගේ දරුවන්ට නිවසක් නැති වන හෙයින් සිදු කළ බවයි. Tell a Friend