අවුරුදු 3 1/2 ළදරුවා රිය අනතුරෙන් මරුට

පොළොන්නරුවේ, සිරිපුර, පාලු දෙණිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 31/2 ක් වියැති කුඩා ළදරුවෙකු එතනම මියගොස් ඇති වාර්තා වේ. සිද්දිය සිදු වී ඇත්තේ ඊයේ උදේ 9.00 ට පමණය. වාර්තා වන අන්දමට දසන්ත වික්‍රමරත්න තම මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී මල් කඩා ගැනීම සඳහා අසල පිහිටි මාර්ගය ඔස්සේ ගොස් ආපසු නිවසට පැමිණෙමින් සිටියදී අනතුරට ලක් වී තිබේ. අනතුරින් එම දරුවා එතනම මියගොස් ඇති බව පොලිසිය කියයි. දසන්ත පිරිමි සහෝදරයින් දෙදෙනෙකුට පසු ඉපදුනු පවුලේ බාලයා විය. ඔහුගේ පියාද මීට වසර තුනකට පෙර මියගොස් ඇත. Tell a Friend