සුදු කොඩි නඩුවේ ෆෙඩ්රිකාගේ භූමිකාවෙන් පසු සිල්වාගේ භූමිකාව

භාරවීමට ආ කොටි නායකයන් මරා දැමීමට ආරක්‍ෂක ලේකම්වරයා තමාට නියෝග කළ බව සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය තම පවුලේ සාමාජිකයන්ට හා ත්‍රස්‌තවාදය පරාජය කිරීමට යුද වැදුන රණවිරුවන්ට කළ අවමානයක්‌ - මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර චන්දන සිල්වා


ඒ. ඡේ. ඒ. අබේනායක

භාරවීමට පැමිණි එල්. ටී. ටී. ඊ. නායකයන් මරා දැමීමට ආරක්‍ෂක ලේකම්වරයා තමාට නියෝග කළ බවට සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය පුද්ගලිකව තමාට, තම පවුලේ සාමාජිකයන්ට පමණක්‌ නොව ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා ජීවිත පූජාවෙන් යුද වැදුන රණවිරුවන්ට කළ අවමානයක්‌ ලෙස තමා සලකන්නේ යෑයි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර චන්දන සිල්වා මහතා පැවැසීය. එවැනි අභූත චෝදනාවක්‌ එල්ලවීම නිසා තමා විශාල කළකිරීමකට පත්වූයේ යෑයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේදී සුදු කොඩි රැගෙන යුද හමුදාවට භාරවීමට පැමිණි එල්. ටී. ටී. ඊ. නායකයන් වෙඩි තබා මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් නියෝග කොට ඇති බවට සන්ඩේ ලීඩර් පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවැසුවේ යෑයි කියන සිද්ධියට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පවරා ඇති නඩුවේ සාක්‌ෂි විභාගයේදී ඊයේ (16 වැනිදා) සාක්‌ෂි දෙමින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර චන්දන සිල්වා මහතා එලෙස පැවැසීය.

2009-12-08 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී සන්ඩේ ලීඩර් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජාතිවාදී හැඟීම් ඇති කරන එවැනි තොරතුරක්‌ සැපයීම මගින් රජය කෙරෙහි මහජන විරෝධතාවක්‌ ඇති කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා තුනක්‌ යටතේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති එම නඩුවේ සාක්‌ෂි විභාගය මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර (සභාපති) ඩබ්ලිව්. ටී. එම්. පී. බී වරාවැව සහ එම්. ඉසෙඩ් රාෂින් යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ ද කැඳවිණි.

එහිදී පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ දෙවැනි දිනටත් සාක්‌ෂි දුන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ලොකුගල්හේවාගේ ශවේන්ද්‍ර චන්දන සිල්වා මහතා (36)-

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් වසන්ත නවරත්න මහතා

භාරවුණ එල්ටීටීඊ සාමාජිකයන්ට සැලකු අයුරු ඔබ පෙරදින සාක්‍ෂි දෙමින් කීවා.

සාක්‍ෂිකරු - ඔව්

අපේ ඉදිරි ආරක්‍ෂක රණවිරුවන් සියලුම අය ගත්තේ යම්කිසි ක්‍රමවේදයකට. ඔවුන් කෙලෙස එනවාද අපි දන්නේ නැති නිසා ඔවුන්ව ආරක්‍ෂා සහිතව ශාරීරිකව පරික්‍ෂා කොට අපේ සීමාවට ඇතුළත් කළා ඔවුන් ආරක්‍ෂිත ප්‍රදේශවලට යවා ආහාර, ජලය සපයා දුන්නා. ඉන් අනතුරුට වව්නියා දක්‌වා ගෙන ආවා - මාගේ සේනාංකයට භාරව තිබුණේ ඔවුන් බස්‌ රථ ළඟට ගෙන ඒමට පමණයි. ඉන් පසු වෙනත් නිලධාරීන් කණ්‌ඩායමක්‌ අනෙකුත් කටයුතු කළේ.

නි. සො. ජනරාල් - ඔවුන් ඉන්පසු රඳවා ගත්තාද?

සාක්‍ෂිකරු - ඔවුන් ඉදිරි වළල්ලේ රඳවා ගත්තේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් ඔවුන්ව නියමිත කැඳවුරු වෙත යෑවීමට පියවර ගත්තා.

නි. සො. ජනරාල් - යුද හමුදාවේ ග්‍රවුන්ඩ් කමාන්ඩර්ලා කියන්නේ කවුද?

සාක්‍ෂිකරු - ෆීල්ඩ් කමාන්ඩර්ලා කියලා තනතුරු තිබෙනවා. ඔවුන් භූමියේ ඉන්න නිලධාරීන්. ඒ කියන්නේ යුද පිටියේ ඒ ප්‍රදේශවල රාජකාරි කරන අය.

නි. සො. ජනරාල් - ඔබේ සේනාංකය රැඳී සිටිය භූමියේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළේ කවුද?

සාක්‍ෂිකරු - මමයි 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළේ.

නි. සො. ජනරාල් - යුද්ධයේ අවසාන කොටස සිද්ධ වුණේ කුමන ප්‍රදේශයේද?

සාක්‍ෂිකරු - වෙල්ලමුල්ලි වයික්‌කාල් ප්‍රදේශයේ.

නි. සො. ජනරාල් - එල්. ටී. ටී. ඊ. නායකයන් හෝ වෙනත් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හමුදාවට භාරවෙන්න එනවානම් ඒ පිළිබඳව ඔබට දැනගන්න ලැබෙනවාද?

සාක්‍ෂිකරු - ඔව් ඔබ හරි

නි. සො. ජනරාල් - එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නඩේසන්, රමේෂ් හා පුලිදේවන් කියලා නායකයන් හිටියාද?

සාක්‍ෂිකරු - ඔව් ඔබ හරි

නි. සො. ජනරාල් - එම එල්. ටී. ටී. ඊ. නායකයන් තිදෙන යම් අවස්‌ථාවකදී මියගිය බව ඔබට දැනගන්න ලැබුණාද?

සාක්‍ෂිකරු - ඔබ හරි ස්‌වාමීනි

නි. සො. ජනරාල් - ඔවුන් ජීවිතක්‍ෂයට පත්වුණේ කොයි අවස්‌ථාවේදීද ඒ කුමන ප්‍රදේශයේදී ද?

සාක්‍ෂිකරු - අපගේ සේනාංකයට හැකිවුණා එල්. ටී. ටී. ඊ. නායකයන් සියලු දෙනාවම වෙල්ලමුල්ලි වයික්‌කාල් ප්‍රදේශයේ මීටර් 350 - 500 කට වගේ බිම්කඩකට කොටු කරන්න. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්‌ මියගියේ එම ප්‍රදේශයේ යුද භූමියේදී.

නි. සො. ජනරාල් - එම එල්. ටී. ටී. ඊ. නායකයන් යම්කිසි අවස්‌ථාවකදී හමුදාවට භාරවෙන්න උත්සාහ කළ බව ඔබ දැනගත්තාද?

සාක්‍ෂිකරු - නැහැ ස්‌වාමීනි.

නි. සො. ජනරාල් - ඔවුන් යටත් වෙන්න උත්සාහ කළා නම් ඒ බව ඔබට දැනගන්න ලැබෙනවාද?

සාක්‍ෂිකරු - ඔව්. ඔවුන් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සැලකිය යුතු නායකයන් ලෙස සැලකෙනවා. නායකයන් පමණක්‌ නොව එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාන්‍ය සාමාජිකයකු වුවත් හමුදාවට භාරවෙන්න ආවානම් අපි කැමැත්තෙන් ඔවුන්ව භාරගන්නවා. අපි යුද්ධය කළේ මානුෂික මෙහෙයුමක්‌ ලෙසටයි. කුමන ත්‍රස්‌තවාදියකු වුවත් ත්‍රස්‌තවාදී ක්‍රියාවලින් මිදිලා අපිට භාරවෙන්න උත්සාහ කළා නම් අපි සතුටින් ඔවුන්ව භාරගන්න සැදී පැහැදී සිටියා.

නි. සො. ජනරාල් - පැ-1 දරන ලිපිය ඒ කියන්නේ 2009.12.13 පළවූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ඨදඒ ධරාeරුd එයෑප එද ඉe sයදඑ කියන ලිපිය ඔබ කියෙව්වාද?

සාක්‍ෂිකරු - ඔබ හරි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා ( එම ලිපිය ලියලා තිබෙන්නේ එහි ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්‌ යන අයයි.

සාක්‍ෂිකරු (- ඔබ හරි

නි. සො. ජනරාල් (- එම ප්‍රවෘත්තිය දුටුවාම ඔබට යම්කිසි දෙයක්‌ මතක්‌ වුණාද?

සාක්‍ෂිකරු (- ඔව්

නි. සො. ජනරාල් (- ඒ මොකක්‌ද?

සාක්‍ෂිකරු (- එය පළවීමට පෙර දිනක ප්‍රෙඩ්රිකා ජෑන්ස්‌ කියා තමාව හඳුන්වා දී තමා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතුවරිය බව පැවැසූ කාන්තාවක්‌ මට දුරකතන ඇමැතුමක්‌ දුන්නා. ඒ වන විට මම හිටියේ යුද හමුදා මූලස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ කාර්යාලයේ. ඒ බව මට මතක්‌ වුණා.

නි. සො. ජනරාල් (- ප්‍රෙඩ්රිකා ඔබට කථා කළේ කවදාද?

සාක්‍ෂිකරු (- දිනය හරියටම මතක නැහැ. නමුත් ඒ ප්‍රවෘත්තිය පත්තරේ පළවීමට පෙර දිනක තමා ඇය කථා කළේ.

නි. සො. ජනරාල් (- ඇය ඔබට ඇමැතීමට පෙර ඇය ඔබට අමතන බවට ඔබ දැනුවත්වී සිටියා.

සාක්‍ෂිකරු (- ඔව්. මම දැන් යුද හමුදාපති ධුර දරන ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ කාර්යාලයේ සිට මගේ කාර්යාලයට එනවිට එහි සේවය කළ රණවිරුවකු මට කිව්වා ප්‍රෙඩ්රිකා ජෑන්ස්‌ කියන අය මට දුරකථන ඇමතුමක්‌ දුන්නා කියලා.

නි. සො. ජනරාල් (- ඒ අනුව ඇය ඔබට දුරකතන ඇමැතුමක්‌ දුන්නා.

සාක්‍ෂිකරු (- ඔව්, ඊට පැයකට පමණ පසු ඇය මට කථා කළා. මට මතක ඇය කථා කළේ උදේ වරුවක කියලයි.

නි. සො. ජනරාල් (- ප්‍රෙඩ්රිකා ජෑන්ස්‌ ඔබට මොනවාද කිව්වේ?

සාක්‍ෂිකරු (- ඇය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ඇය සාකච්ඡාවකට භාජන කළ අවස්‌ථාවකදී මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේදී සුදු කොඩි රැගෙන හමුදාවට භාරවීමට පැමිණි එල්. ටී. ටී. ඊ. නායකයන්ට ඒ සඳහා ඉඩ නොදී වෙඩි තබා මරා දමන ලෙසට ආරක්‍ෂක ලේකම්තුමා මට නියෝග කළා කියලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇයට කිව්ව බව මට කීවා. ඒ ගැන මොකක්‌ද කියන්න තියෙන්නේ කියලා ඇය මගෙන් ඇසුවා. ඒ පිළිබඳව මගේ ප්‍රතිචාරය මොකක්‌ද කියලා ඇය මගෙන් ඇසුවා.

නි. සො. ජනරාල් (- ඔබට ඉන්පසු ඒ පිළිබඳව ඇතිවූ හැඟීම මොකක්‌ද?

සාක්‍ෂිකරු (- වසර 30 කට අධික කාලයක්‌ තිස්‌සේ නිමා කළ නොහැකි වූ යුද්ධයක්‌ කිසිදා නිමාකළ නොහැකි බවට ජාත්‍යන්තරය කිව්ව යුද්ධයක්‌, නිමාකිරීම සඳහා විශාල දායකත්වය දැක්‌වූ හමුදා සේනාංකයක්‌ වූ 58 වැනි සේනාංකයේ ආඥාපතිවරයා ලෙස මම එය අහලා බොහෝ කම්පාවට පත්වුණා.

නි. සො. ජනරාල් (- ඔබ ඇය ඇසුව දෙයට යම් පිළිතුරක්‌ දුන්නාද?

සාක්‍ෂිකරු (- නැහැ, මාධ්‍යවේදීන් සමඟ සම්බන්ධතා පවත්වන්න හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා ඉන්නවා ඒ නිසාත් එයට ප්‍රතිචාර දක්‌වන්න මට ඉඳුරාම බැරි නිසාත් මම ඇයට කීවා එයට ප්‍රතිචාර දෙන්න මට බැහැ කියලා. ඒ පිළිබඳව මාධ්‍ය අධ්‍යක්‍ෂවරයාගෙන් අසන ලෙස මම ඇයට කීවා. ඇය මට කථා කළේ ඉංග්‍රීසි භාෂාවෙන් ඒ නිසා මම ඉංග්‍රීසි භාෂාවෙන්ම උත්තර දුන්නා.

නි. සො. ජනරාල් (- ඔබ ඇයට ලබාදුන්න පිළිතුරු මේ ගරු අධිකරණයට එලෙසින්ම කියන්න පුළුවන්ද?

සාක්‍ෂිකරු (- ඔව්, ෂ Caබබදඑ ඤපපැබඑs දබ එයසි as එයෑරු සි a dසරුජඑදර පැdස්‌ සබ Sරස ඛ්බන් aරපහල අයද deaක අසඑය පැdස්‌ චැරිaබ්ක aබා aකිද ෂ ය්ඩැ බද aමඑයදරසඑහ එද ජදපපැබඑs එද පැdස්‌ චැරිaබ්ක එයෑරුදෙරු එද ජදබඒජඑ යසප කියලා මම ඇයට කිව්වා.

නි. සො. ජනරාල් (- ඔබ ඇයට බද ඤපපැබඑs කියලත් කිව්වාද?

සාක්‍ෂිකරු (- ෂ Caබබදඑ ඤපපැබඑs කියලා මම ඇයට කිව්වා.

නි.සො. ජනරාල් (- ඇය ඔබට ප්‍රකාශ කළ ආකාරයේ සිදුවීමක්‌ එහිදී සිදුවුණාද?

සාක්‍ෂිකරු (- කොහෙත්ම නැහැ.

නි. සො. ජනරාල් (- එහෙම දෙයක්‌ සිදුනොවුණ විටෙක නැහැ කියලා ඒ බව ප්‍රතික්‍ෂේප කරන්න ඔබට තිබුණා නේද?

සාක්‍ෂිකරු (- මම එහෙම කිව්වේ මට අදහස්‌ දක්‌වන්න බැරි නිසයි. යුද හමුදාවේ නීතියක්‌ තිබෙනවා. ඒ නිසා මට ඇය ඇසුවට පිළිතුරු දෙන්නෙ බැහැ.

ඒවාට උත්තර දෙන්න යුද හමුදාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂවරයෙක්‌ ඉන්නවා.

නි. සො. ජනරාල් (- ඉන්පසු ඇය ඔබට කථා කළාද?

සාක්‍ෂිකරු (- නැහැ, මම එලෙස කීවාම ඇය දුරකථනය විසන්ධි කළා. ඊට පසුව ඇයට මම කථා කළේ නැහැ.

නි. සො. ජනරාල් (- ඇය ඒ සම්බන්ධව වෙනත් නිලධාරීන්ට කථා කර තිබුණාද?

සාක්‍ෂිකරු (- ඇය මාධ්‍ය අධ්‍යක්‍ෂවරයාට කථා කළ බව ඔහු මට කීවා.

නි. සො. ජනරාල් (- යුද්ධය අවසන් වුණේ 2009 මැයි 18 වැනිදා කියලා ඔබ කිව්වා. යුද්ධයේ අවසාන භාගයේදී විත්තිකරු ලංකාවේ හිටියේ නැහැ කියලත් ඔබ කිව්වා.

සාක්‍ෂිකරු (- ඔව් එතුමා චීනයේ සංචාරයක යෙදිලා හිටියේ.

නි. සො. ජනරාල් (- ඒ අවසාන දින කිහිපය තුළ හෝ යුද්ධය අවසන් වී ගෙවණු සුමාන දෙක ඇතුළත ඔබට විත්තිකරු මුණගැසුනාද?

සාක්‍ෂිකරු (- ඔව්,

නි. සොලිසිටර් ජනරාල් (- එම කොයිම අවස්‌ථාවකදී හෝ විත්තිකරු ඔබගෙන් ඇසුවාද යුද්ධයේ අවසන් භාගයේදී සුදු කොඩි සමඟ භාරවීමට පැමිණි එල්. ටී. ටී. ඊ. නායකයන් ඒ සඳහා අවස්‌ථාවක්‌ නොදී වෙඩි තබා මරා දමන ලෙසට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඔබට නීති විරෝධී නියෝගයක්‌ ලබාදුන්නාද කියලා?

මහාධිකරණ විනිසුරු වරාවැව මහතා (- එය නිත්‍යනුqකූල නොමැති ප්‍රශ්නයක්‌. එය සාක්‍ෂිකරුගෙන් අහන්න එපා.

නියෝජ්‍ය සො. ජනරාල්වරයා (- ස්‌වාමිනී ඒ සාක්‍ෂි කාණ්‌ඩය ඉතා වැදගත්. එය අත්‍යවශ්‍ය ප්‍රශ්නයක්‌ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව මෙම නඩුවේ සාක්‍ෂිකරුවකු ලෙස කැඳවීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය අහන්න අවසර දෙන්න. සාක්‍ෂි අඥා පනත අනුව එවැනි ප්‍රශ්නයක්‌ අහන්න පුළුවන්.

විනිසුරු වරාවැව මහතා (- බැහැ බැහැ ඒ ප්‍රශ්නයට ඉඩදෙන්න බැහැ.

විනිසුරු දීපාලි විඡේසුන්දර මහත්මිය (- ඒක සාක්‍ෂිකරු නොමග යවන ප්‍රශ්නයක්‌. එවැනි ප්‍රශ්න අසන්න එපා.

(මෙම අවස්‌ථාවේදී විනිසුරු මඬුල්ල එම ප්‍රශ්නය සාක්‍ෂිකරුගෙන් ඇසීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අවසර නොදීමට තීරණය කරයි)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැ 1. ලෙස ලකුණු කොට ඇති ඨදඒ දරාeරුd එයෑප එද ඉe sයදඑ ඨැබැර්ක Saර්එය Fදබිeන් යන සිරස්‌තලය යටතේ 2009.12.13 දින පළකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ එම ප්‍රවෘත්තියේ කොටස්‌ කිහිපයක්‌ සාක්‍ෂිකරුගේ අවධානයට ලක්‌කොට එහි සඳහන්වූ පරිදි සිදුවීමක්‌ මානුෂික මෙහෙයුමේදී සිදුවූවා දැයි සාක්‍ෂිකරුගෙන් විමසයි.

නි. සො. ජනරාල් (- එහි සඳහන් එම කොටස්‌ සත්‍යද?

සාක්‍ෂිකරු (- නැහැ, ඒක සම්පූර්ණයෙන් අසත්‍යයක්‌. ස්‌වාමිනි, මට එවැනි නියෝගයක්‌ ආරක්‍ෂක ලේකම්තුමා කිසිම දිනක ලබාදී නැහැ.

සුදුකොඩි රැගෙන හමුදාවට භාරවීමට පැමිණි එල්. ටී. ටී. ඊ. නායකයන් වන නඩේසන්, රමේෂ් හා පුලිදේවන් වෙඩි තබා මරා දැමූ බව සඳහන් එම ප්‍රවෘත්තියේ කොටසක්‌ වෙත යළි සාක්‍ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහි සඳහන් එම කරුණු සත්‍යදැයි සාක්‍ෂිකරුගෙන් අසයි.

සාක්‍ෂිකරු (- එවැනි දෙයක්‌ සිදුවුණේ නැහැ එහි සඳහන් කරුණු අසත්‍යයි.

නි. සො. ජනරාල් (- ඔබ කියා සිටින්නේ ඔබට, කිසිම අවස්‌ථාවක යටත් වීමට පැමිණි එල්. ටී. ටී. ඊ. නායකයන්ට එලෙස යටත්වීමට ඉඩනොදී ඔවුන් මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා නියෝගයක්‌ නොකළ බවද?

සාක්‍ෂිකරු (- ඔව්, කිසිසේත්ම එවැනි නියෝගයක්‌ ලැබුණේ නැහැ. ආරක්‍ෂක ලේකම්තුමා උපදෙස්‌ ලබාදී තිබුණේ ජනතාවට අවම හානියක්‌ වන ලෙසට මානුෂික මෙහෙයුම දියත් කරන්න කියලයි.

නි. සො. ජනරාල් - ඔබට ආරක්‌ෂක ලේකම්තුමාගෙන් හෝ ඉහළ නිලධාරීන්ගෙන් නියෝග හෝ උපදෙස්‌ ලබා දෙන්නේ දුරකථන මගින්ද? ඔවුන් උපදෙස්‌ ලබා දෙන දුරකථන ඇමැතුම්වලට ඔබ ජනමාධ්‍යවේදීන් ඉදිරියේදී උත්තර දෙනවාද?

සාක්‌ෂිකරු - නැහැ. ජනමාධ්‍යවේදියකු හෝ වෙනත් කිසිම නිලධාරියකු ඉදිරියේදී එවැනි දුරකථන ඇමැතුම් මම ලබාගන්නේ නැහැ. එක්‌කෝ ඔවුන්ව එම ස්‌ථානයෙන් ඉවත් කරනවා නැතිනම් මම පිටතට ගොස්‌ එම ඇමතුම්වලට පිළිතුරු දෙනවා.

නි.සො. ජනරාල් - එවැනි නීති විරෝධයක්‌ නියෝගයක්‌ කළා යෑයි කියා බවට යුද හමුදාවේ කිසිවකුට හෝ කරුණු දැක්‌වීමට සිදුවුණාද?

සාක්‌ෂිකරු - නැහැ. කිසිම අවස්‌ථාවක එලෙස කරුණු දැක්‌වීමක්‌ කිරීමට සිදුවුණේ නැහැ. බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජනාධිපති කොමිසම් සභාවක්‌ ඉදිරියේදී යුද්ධය සිදුවූ අයුරු පිළිබඳව මා සාක්‌ෂි දුන්නා.

නි. සො. ජනරාල් - ඒ ප්‍රවෘත්තිය දැක්‌කාට පසු ඔබට මොකක්‌ද හිතුනේ?

සාක්‌ෂිකරු - ඒ අභූත චෝදනාවක්‌ දැක්‌කම යුද්ධය ජයග්‍රහණය කිරීමට විශාල වශයෙන් කැපවුණු යුද සේනාංක සේනාධිපතියකු ලෙස මට හිතුනා එය රණවිරුවන්ට කළ අවමානයක්‌ කියලා. ඒක යුද්ධය ජයගන්න දායකත්වය දක්‌වපු රණවිරවැන්ට කළ අපහාසයක්‌ ලෙසටයි මට පෙනුනේ. ඔවුන්ට වගේම පෞද්ගලිකව මටත් මගේ පවුලේ සාමාජිකයන්ටත් එමගින් අවමානයක්‌ සිදුවුණා කියා මා සිතුවා. එසේ නොකළා කියා අධිකරණයක්‌ ඉදිරියේ ඔප්පු කරනතුරු අපිව අවමානයට ලක්‌ කළා කියලා මට හිතෙනවා.

නි. සො. ජනරාල් - 58 වැනි සේනාංකයේ කී ග්‍රවුන්ඩ් කමාන්ඩර්ලා ඔබ දන්නවාද? එවැනි අයකුට හෝ ආරක්‌ෂක ලේකම්වරයා එවැනි නියෝගයක්‌ දුන්න බව ඔබට දැනගන්න ලැබුණාද?

සාක්‌ෂිකරු - ඔව් එවැනි නිලධාරීන් ඔක්‌කොම මම දන්නවා. එවැනි කිසිවකුට ආරක්‌ෂක ලේකම්තුමා එවැනි නියෝගයක්‌ කොට නැහැ. එලෙස නියෝගයක්‌ කළා නම් මට දැනගන්න ලැබෙනවා.

නි. සො. ජනරාල් - මෙම විත්තිකරු හමුදාපති ධුරයෙන් ඉවත්වනතුරු ඔබ සමඟ සුහදව හිsටියාද?

සාක්‌ෂිකරු - ඔව්. අනිවාර්යෙන්ම, යුද්ධය නිමවූ පසු විවිධ පෙළපාලි, භෝජන සංග්‍රහ සහ සුහද සංග්‍රහ තිබුණා. මටත් අනිවාර්යෙන්ම එවැනි අවස්‌ථාවලදී ආරාධනා ලැබුණා. යුද හමුදා මූලස්‌ථානයේ තිබුණ සාකච්ඡාවලටත් මම සහභාගි වුණා. ඒ නිසා යුද්ධයෙන් පසු වෙනදාට වඩා එතුමා සමඟ ඇසුරු කරන්න හමුවන්න මට අවස්‌ථාව ලැබුණා.

නි. සො. ජනරාල් - එම ප්‍රවෘත්තියෙන් පසුව හමුදානිලධාරියකු ලෙස ඔබට මුහුණ දෙන්න සිදුවුණේ මොනවගේ තත්ත්වයකටද?

සාක්‌ෂිකරු - මගේ යාළුවෝ මට ඒ පිළිබඳව කථා කරලා කිව්වා. පසුව මම පත්තරේ බැලුවා. සේනාංකාධිපතිවරයෙක්‌ ලෙස මම පුද්ගලික ව නොවේ යුද්ධය ජයග්‍රහණය කළේ. එම ජයග්‍රහණයට උරදුන්න රණවිරුවෝ විශාල පිරිසක්‌ හිටියා. විශාල පිරිසක්‌ ඒ වෙනුවෙන් ජීවිත පූජා කළා. මගේ සේනාංකය තමා ත්‍රස්‌තවාදීන් වැඩිම සංඛ්‍යාවක්‌ ජීවිතක්‍ෂයට පත් කළේ. භූමියෙන් වැඩිම ප්‍රමාණයක්‌ මුදා ගත්තෙත් මගේ සේනාංකයයි. ඒ වගේම වැඩිම සිවිල් ජනතාවක්‌ මුදා ගත්තෙත් මගේ සේනාංකයයි. එවැනි චෝදනාවක්‌ එල්ලවීම නිසා මට විශාල කලකිරීමකට පත්වුණා. මට දුවලා දෙන්නෙක්‌ ඉන්නවා. මේ චෝදනාව ඒ අයටත් ප්‍රශ්නයක්‌ වුණා. ඔවුන්ගේ යාළුවන්, ගුරුවරුන් අහන ඒවාට උත්තර දෙන්න ඔවුන්ට සිදුවී තිබුණා.

නි. සො. ජනරාල් - ඔබ පිටරට යන විටත් ඒ නිසා ප්‍රශ්න ඇතිවුණාද?

සාක්‍ෂිකරු - ඔව් ඉදිරියේදීත් ඇතිවිය හැකියි. උසාවියකින් ඒ පිළිබඳව යම් ස්‌ථාවරයක්‌ ලැබෙනතුරු මට මෙන්ම මගේ දරුවන්ටත් ඒ නිසා යම් බලපෑමක්‌ විය හැකියි.

නි. සො. ජනරාල් - 2009.12.13 වැනිදා වනවිටත් යටත්වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිටියාද?

සාක්‌ෂිකරු - ඔව්.

නි. සො. ජනරාල් - ඊට අමතරව හමුදාවට භාරවූ සිවිල් පුරවැසියන් සිටියාද?

සාක්‌ෂිකරු - ඔව්. යටත්වීමට හෝ භාරවීමට පැමිණි අවස්‌ථාවලදී තමන් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් යෑයි පවසා සිටි අයත් පසුව තාවකාලිකව රැඳවුම් ස්‌ථානවලදී එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ලෙස හඳුනාගත් අයවත් පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන කඳවුරු වෙත යොමු කළා. පුනරින් ජයග්‍රහණයෙන් පසුව එල්. ටී. ටී, ඊ. සංවිධානය යුද්ධයෙන් භාර වෙන බවට වටහාගත් සිවිල් ජනතාව විශාල වශයෙන් හමුදාවට භාර වෙන්න ආවා.

නි. සො. ජනරාල් - යටත් වෙන්නට එන සතුරකුට වෙඩි තැබීම යුද නීතිය අනුව වරදක්‌ බව ඔබ දන්නවාද?

සාක්‌ෂිකරු - ඔව්.

නි. සො. ජනරාල් - එලෙස භාරවීමට පැමිණෙන කිසිවකුට හිරිහැර නොකරන ලෙස ඔබ ඔබේ නිලධාරීන්ට උපදෙස්‌ ලබාදී තිබුණාද?

සාක්‌ෂිකරු - ඔව්. යුද්ධය පටන්ගත් අවස්‌ථාවේදී සිටම හමුදාවට භාරවීමට පැමිණෙන අය පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සිට කණිෂ්ඨම නිලධාරියා දක්‌වා දැනුවත්කොට තිබුණා. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මැදිහත්වීම ඇතිව සංවිධානය කල සම්මන්ත්‍රණ මගින් පවා ඒ පිළිබඳව හමුදාව දැනුවත්කොට තිබුණා. එහිදී ක්‍රියා කල ආකාරය නිසා තමයි අපේ හමුදාවට ලෝකයේ විනයගරුකම හමුදාව ලෙස ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක්‌ ඇතිවුණේ.

විනිසුරු වරාවැව මහතා - අපේ හමුදා සාමාජිකයන් මැරුණ එල්. ටී. ටී. ඊ. නායකයන්ගේ ශරීරයේ වැසූ මැස්‌සන් පවා එලවන දර්ශන අපිට රූපවාහිනී දර්ශන මගින් දකින්නට ලැබුණා. අපේ හමුදාව විනයගරුකයි කියලා ඔප්පු කරපු එක්‌ අවස්‌ථාවක්‌ ඒක. මැරී වැටුන තමන්ගේ සතුරාට පවා මානුෂිකව සලකන්න අපේ හමුදාවට පුළුවන් වූ බව එමගින් පෙන්නුම් කළා.

නි. සො. ජනරාල් - එම ප්‍රවෘත්තිය පළවීමෙන් පසුව යුද හමුදාව අන්තර්ජාතික ලෙස අපකීර්තියට පත්වුණාද?

සාක්‌ෂිකරු - ඔව්. අපේ හමුදාව එලෙස කළේ නැහැ කියා එත්තු ගන්වනතුරු අපි යුද්ධය ජයගත්තේa එවැනි අයුරුනුයි කියන අපවාදය අපට එල්ල වන්න පුළුවන් කියා මා හිතනවා.

නි. සො. ජනරාල් - එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවා මෙම සිද්ධිය පිළිබඳව යම් මතවාදයක්‌ ඇතිවූ බව ඔබ දන්නවාද?

සාක්‌ෂිකරු - ඔව්

එහිදී විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌ෂිකරු.

නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා - ඔබට දැන් පැමිණිල්ලේ නීතිඥ මහතා සන්ඩේ ලීඩර් හි පළවූ එම ප්‍රවෘත්තියට අදාළ කොටස්‌ අවධානයට ලක්‌ කළා. ඒවා පත්තරේ පළවුණාට ඇත්ත වශයෙන්ම එම කරුණු සරත් ෆොන්සේකා මහතා ප්‍රෙඩ්රිකා ජෑන්ස්‌ මහත්මියට කීවාද කියලා ඔබට සනාථ කරන්න පුළුවන්ද? සම්මුඛ සාකච්ඡාවේදී ඔහු මොනවා කිව්වද කියලා දන්නවාද?

සාක්‌ෂිකරු - ජෙනරාල් එලෙස කිව්වා කියා ප්‍රෙඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය මට කිව්ව බව විතරයි මම දන්නේ.

විත්තිය - ඔබ ඇතුළු නිලධාරීන්ව පත්කිරීම් සිදු කරන්නේ යුද්ධය ජයගන්න නේද?

සාක්‌ෂිකරු - ඔව්.

විත්තිය - එම පත්වීම් කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා.

සාක්‌ෂිකරු - හමුදාවේ පත්වීම් කරන්නේ යම්කිසි මණ්‌ඩලයක්‌ මගින්. එවැනි මණ්‌ඩල කිහිපයක්‌ තිබෙනවා. මණ්‌ඩලය සිදුකරන එම පත්වීම් හමුදාපතිගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. ඊට අමතරව සමහර තනතුර ආරක්‌ෂක ලේකම්වරයාගේ අනුමැතිය සඳහා යවනවා.

විත්තිය - ඒ පත්වීම් ලබා දෙන්නේ හමුදාපතිගේ අනුදැනුම ඇතිව නේද?

සාක්‌ෂිකරු - ඔව්. යුද හමුදාපති නොදැන නිලධාරීන් පත්කරන්න ඉඩ නැහැ.

විත්තිය - චීනයෙන් අපේ හමුදාවට යුද උපකරණ ලැබුණ බව ඔබ දන්නවාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා - ස්‌වාමිනී, එම ප්‍රශ්නය රටේ ජාතික ආරක්‌ෂාවට බලපාන ප්‍රශ්නයක්‌. මොන රටෙන්ද හමුදාවට ආයුධ ලැබුණේ කියන එක ජාතික ආරක්‌ෂාවට බලපාන ප්‍රශ්නයක්‌.

විනිසුරු වරාවැව මහතා - අපේ රටට යුද උපකරණ ලබාගත් රටවල් ගැන පත්තරවල පවා ප්‍රවෘත්ති පළවුණා.

විත්තිය - 2009 මැයි 18 වැනිදා හා ඊට අවුරුදු 3 මාස 4 කට පෙර සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ විත්තිකාර සරත් ෆොන්සේකා මහතා නේද? දක්‌ෂ කාර්යක්‌ෂම හා නීතිගරුක ලෝකයට ආදර්ශයක්‌ කියපු හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මහතා නේද?

සාක්‌ෂිකරු - ඔව්. එතුමා ඒ යුගයේ ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයා බව හැමෝම දන්නවා. ඉන් සාක්‌ෂිකරුගේ සාක්‌ෂිය අවසන් කෙරිණි.

වැඩිදුර සාක්‌ෂි විභාගය 18 වැනිදා පෙරවරු 10.30 දක්‌වා කල් තැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යොහාන් ලියනගේ, ලක්‌මිණී හිරියාගම මෙනවිය, ඩිලාන් රත්නායක යන මහත්වරුන් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ අතර පෝල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස්‌ පරිදි නලින් ලද්දුවහෙට්‌ටි, නිරෝෂණ පෙරේරා, වසන්ත පිටිගල, යූ. ආර්. පී. බණ්‌ඩාර, නිලන්ති පීරිස්‌ සහ නුවන් කොඩිකාර යන මහත්ම මහත්මීහු ඇතුළු නීතිඥ මණ්‌ඩලය විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියහ.

සුදු කොඩි නඩුවේ සාක්‌කි දීමට ශ්ෂෙනුකා සෙනවිරත්නට නොතිසි

සුදු කොඩි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂිදීම (18) දින පෙරවරු 10.00 ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ජිනීවාහි පිහිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ශ්ෂෙනුකා සෙනවිරත්න මහත්මියට නොතිසි යෑවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර මහත්මිය (16 දා) නියෝග කළාය.

ශ්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය එම නඩුවේ 5 වැනි සාක්‍ෂිකාරිය ලෙස පැමිණිල්ල විසින් නම් කොට තිබිණි. එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා කළ ඉල්ලීම සලකා බැලු මහාධිකරණ විනිසුරුවරිය එම නියෝගය නිකුත් කළාය. Tell a Friend