පසුගිය වසර දෙක තුළදී මෙරට රැකියා ලක්ෂ දෙකකට අසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති අතර අහිමි වෙමින් තිබෙන රැකියා ප්‍රමාණයද අති විශාලය. රාජපක්ෂ මෙන් මීට පෙරද ලෝකයේ බොහෝ නායකයින් බටහිර සමඟ තරහ වී අමුතුම දේශපාලන පර්යේෂණ කළහ. ඔවුහු නීතිය බටහිර හදුන්වා දීමක් ලෙස දක්වා එය නොසලකා හැරීමටය හරිති . ඒ අනුව තමන්ට ඕනෑ ආකාරයෙන් නීති සකස් කර ගැනීමට ඔවුහු යොමුවෙති. නමුත් මේ ආකාරයෙන් පර්යේෂණ කළ සියලුම දෙනා ඒ ඒ රටවල් දියුණු කලේ නැත. යම් පමණකින් හෝ ජයගත් කියුබාව වැනි රටවලින්ද වර්තමානයේ ඇසෙන්නේ වෙනම හඬකි . එනම් මෑතකදී හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ ප්‍රකාශ කළ පරිදි කියුබානු ක්‍රමය කියුබාවටවත් ගැලපෙන්නේ නැත. එනම් මුළු ලෝකයම නීතියේ ආධිපත්‍ය පිළිගන්නා වූද ජනතාවගේ මුලික අයිතීන් තහවුරු කරන්නා වුද ක්‍රමයක් යහපාලනයකට මඟ යැයි පිළිගෙන තිබේ. ඉන් තොර වූ රටක් ඉදිරියට යාමට වඩා සිදුවන්නේ පැන්ඩෝරා පෙට්ටියකට ඇතුළු වීමය.
ලංකාවේ පසුගිය දින කිහිපය තුලදී සිදු වූ මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ ගැන මොහොතක් කලපනා කිරීමට හැකිනම් මහින්ද රාජපක්ෂගේ චින්තන කර ඇති අභාග්‍ය තේරුම් ගත හැකිය. යුද්ධය ජය ගැනීමට අමතරව වෙන කිසිවකින් සිතු තරම් යහපතක් උදා වී තිබේද?

Post a Comment